Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මයිලපිටියේ ශ්‍රී සුගතාරාමය, මඩවලතැන්නේ ශ්‍රී බෝධිරාජාරාමය, දීගලහින්නේ ශ්‍රී ඉසිපතනාරාමය , නීලවල ශී‍්‍ර පි‍්‍රයදර්ශනාරාමය, අනුරගම ශ්‍රී සුගතනන්දාරාමය .රිකිල්ලගස්කඩ ශ්‍රී අභිනවාරාමය, උඩමකුරුප්පේ ශ්‍රී බෝධිරුක්ඛාරාමය යන විහාරයන්හි අධිපති ගෞරව ශාස්ත්‍රවේදී ගල්කඩවල සෝමරතනාභිධාන නාහිමියන්ට ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විංශද්වර්ගික කාරක මහ සංඝ සභාව විසින් උඩහේවාහැට සහ පාතහේවාහැට දෙදිසාව් ප්‍රධාන අධිකරණ සංඝ නායක ධුරය සහ “ධම්මකිත්ති සිරි අත්ථදස්සි” යන ගෞරව නාමය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍රය ලබාගැනීමේ උත්සවය පසුගියදා (09) මයිලපිටිය ශ්‍රී සුගතාරාම විහාරයේදි සිදු කෙරිණි. එහිදී උන්වහන්සේ ශී‍්‍ර සන්නස් පත්‍රය ලබාගත් අවස්ථාව සේයාරුවේ දැක්වේ.
පී.ඒ.කපුරුබණ්ඩාර ආරච්චි
තලාතුඔය විශේෂ 

ඌව පළාතේ ස්‍යාමවංශික මහා නිකායේ මහානායක පිළියන්දල සුවාරපොල බුද්ධාලෝක මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති අඹේවෙල පඤ්ඤාසාර මහා නාහිමියන්ගේ 94 ජන්ම දිනය නිමිත්තෙන් ඉකුත් 26 දා සිට මැයි 02 වනදා දක්වා පින්කම් රැසක් පැවැත්විණි. එම පින්කම් බුද්ධාලෝක විහාරයේ දී පැවැති අතර තෙසැත්තෑ ඤාණ පින්කමේදී මහා නාහිමියන් ගිලන්පස බුද්ධ පුජාව, පිරිකර පූජාව සිදුකළ අවස්ථාව.
ඡායාරූප මහරගම, ටී.ඩී. සිරිසේන

 හලාවත ශ්‍රී විජයාරාම විහාරස්ථ ශ්‍රී සීලාලංකාර දහම්පාසලේ ගුරු දෙගුරු සංගමයේ සභාපති ලෙස වසර 15 ක පමණ කාලයක් කටයුතු කළ කේ. ජයන්ත ධර්මසිරි මහතාට උපහාර පිණිස තිළිණයක් ප්‍රදානය කිරීම හලාවත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ දී සිදු කෙරුණි. හලාවත තිස්සෝගම ශ්‍රී බෝධිරුක්ඛරාමය හා හලාවත ජයබිම ශ්‍රී සාමවිහාරය යන විහාරස්ථානයන්හි විහාරාධිපති ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ආඳාඋල්පත සීලවංශ නාහිමියන් අතින් උපහාර තිළිණය පිරිනැමූ අවස්ථාව. හලාවත ශ්‍රී විජයාරාමාධිපති හා ශ්‍රී සීලාලංකාර දහම් පාසලේ ප්‍රධානාචාර්ය හලාවත සුමනසිරි හිමියෝ ද මෙහි වෙති.
ආරච්චිකට්ටුව සමූහ, අතුකෝරළ යූ. ගුණපාල
 

පරගස්තොට මිතුරුසවිය එකමුතුව තරුණ පිරිස විසින් වාර්ෂිකව සිදුකරනු ලබන සමාජසේවා සත්කාරයක් තුන්වැනිවරටත් පසුගිය පුන් පොහෝදා මහරගම අපේක්ෂා රෝහලේ දී සිදුකළහ. වටිනා ඖෂධ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ළමා නේවාසික රෝගීන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය හා ක්‍රීඩා භාණ්ඩ, තැඹිලි ගෙඩි 2000ක් පමණ ද එදින පරිත්‍යාග කෙරිණි. ඖෂධ හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිරිනැමූ අවස්ථාව මෙහි දැක්වේ.
මහරගම, ටී.ඩී. සිරිසේන