Print this Article


සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක, අමාවක, පුර පසළොස්වක, අව අටවක බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

503 පැතුම් සුධාරක
9 බී ශ්‍රේණිය
ගැමුණු මහ විදුහල – නෙවොල්පිටිය

504 උෂාන් අන්ජන වීරවර්ධන
12 ශ්‍රේණිය,
ශ්‍රී අන්ද්‍රිස් ග්‍රේරු දහම්පාසල – වාද්දුව

505 පුනාරා විදුසිනී
5 ශ්‍රේණිය
ශ්‍රී ගාමිණී දහම් පාසල – පැල්පිට

506 විකුම් කෞෂල්‍ය දිසානායක
7 බී ශ්‍රේණිය
ගැමුණු මහ විදුහල – නෙවොල්පිටිය

507 ඩී.පී. කාව්‍ය සංකල්පනී
11 ශ්‍රේණිය,
දොරණුව ශී‍්‍ර ප්‍රඤ්ඤාසාර දහම් පාසල
රුවන්වැල්ල


බොදු දරුවෝ

ඉගෙනීමට හිත ඇතී
අය හොඳ දරුවෝ වෙති
මැලියාවෙන් තොර ඇතී
සැම දිනකම ජය ගනී

මව්පියන්ට කීකරු වෙයි
යහපත් බොදු දරුවන් වෙයි
තෙරුවන් පිහිටද ලැබෙයි
ජීවිතයම ජය ගනියි

පත පොත වෙත හිත යොදයි
ගුරුවරුන්ට කීකරු වෙයි
නිවැරැදි ලෙස වැඩ කරයි
හෙට දින ලොව ජය නියතයි


සැරියුත් තෙරණුවෝ

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වහන්සේ දෙනම අතරින් එක් රහතන් වහන්සේ නමකි. නුවණැත්තන් අතර අග්‍ර තනතුර ලැබූහ. ඉතාමත් පියකරු පෙනුමින් යුතු සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේ නාලක නම් ගමේදී ය.


ශ්‍රී මහා බෝධිය

මහා බෝසතාණන් වහන්සේට බුද්ධත්වය ලබාගැනීමේ දී සෙවණ දුන් බෝධින් වහන්සේගේ දකුණු අංකුර පැළයක් වන ශ්‍රී මහා බෝධිය, අශෝක අධිරාජ්‍යයාගේ දියණිය වූත්, මිහිඳු මහරහතන් වහන්සේගේ නැගණියවූත්, සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් උඳුවප්පුර පොහෝ දින, ලංකාවට වැඩමවනු ලැබූහ. එය අනුරාධපුර මහමෙව්නා උයනේ දී, දේවානම්පියතිස්ස රජු විසින් රෝපණය කරවනු ලැබීය. අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධින් වහන්සේ පිහිටුවා ඇති බිම් කොටස හඳුන්වන්නේ “උඩමළුව“ යන නමිනි. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා පරිවාර බෝධීන් වහන්සේලා පිහිටුවා තිබේ. ලොව ඇති පූජනීයම වෘක්ෂය සහ පැරැණිතම වෘක්ෂය වේ. මහ බෝධින් වහන්සේ රෝපණය කර ඇත්තේ පොළොවේ සිට අඩි 213 ක ඇති උස්බිමක ය. ආරක්ෂාවට රන්වැටක් ද ඉදිකර තිබේ. ශ්‍රී මහා බෝධින් වහන්සේ අප රටට මහත් ආශිර්වාදයකි.


මම උපාසිකාවක් වෙමි

මම දිනූකා. මම පොහොය දිනවල සිල් සමාදන් වෙමි. පසුගිය වසරෙහි පොහොය එකොළහක් සිල් සමාදන් වුණෙමි. බණ කතා උගෙන ගතිමි. මම සිල් සමාදන් වෙන නිසා සියලු දෙනා මට ආදරය කරති. අම්මාටයි තාත්තාටයි ගොඩක් සතුටුයි. මම හොඳ ළමයෙක් කියලා. මම මේ අවුරුද්දෙත් සෑම පුන් පොහොය දිනකම සිල් සමාදන් වෙමි.


තරුකැට

ආකාසේ නිල් තරු කැට
පියාඹලා මහ පොළොවට
සේපාලික මල්ගහ උඩ
දිලිසෙනවා කදිම රුවට


පාරමිතා හඳුනා ගනිමු

සංසාරය නමැති සාගරයෙන් එතෙර වීමට උපකාර වන, පිළිපදින පුද්ගලයා උසස් තත්ත්වයකට පත්කිරීමට ඉවහල් වන ගුණධර්ම පාරමිතා ලෙස හඳුන්වයි. මෙම පාරමිතා බුද්ධ කාරක ධර්ම යන නමින් ද හඳුන්වයි. එසේ හැඳින්වෙන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම තත්ත්වය වන ලොව්තුරා බුදු බව ලැබීමට පාරමිතා ධර්ම උපකාරි වූ නිසා ය. පාරමිතා දහයක් ඇත. ඒවා දස පාරමිතා නමින් හැඳින්වේ. එම දස පාරමිතා දහය නම්, දාන පාරමිතාව, ශීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, පඤ්ඤා පාරමිතාව, විරිය පාරමිතාව, ඛන්ති පාරමිතාව, සච්ච පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව, මෙත්තා පාරමිතාව හා උපෙක්ඛා පාරමිතාව ය.


පාසල් මව්නි මගේ

මගේ පාසලේ නම ධර්ම රක්ෂිත කණිටු විදුහලයි. එය පිහිටා තිබෙන්නේ රාගම ඉහළගම ප්‍රදේශයේ යි. පාසල කුඩා වුවත් එහි ඉගෙන ගන්නා සිසු සිසුවියන් ඉතා දක්ෂ ය. ඉගෙනීම ලබාදෙන ගුරුවර ගුරුවරියන් හරිම කරුණාවන්ත ය. මේ අය අපි දකිනා ගුරු දෙව්වරු කියලයි මගෙ අම්මා කියන්නේ.

විදුහල්පතිතුමා පාසල දියුණු කරන්න කැපවෙනවා වගේම අපට උදේ 6.30 සිට පාසලේ ඉගැන්වීමේ කටයුතු කරයි . ඕනෑම කටයුත්තක් ආරම්භයේ දී පන්සලේ ගරු තුරුවිල විමලධම්ම පින්වත් නායක හාමුදුරුවන්ගෙන් අවවාද ලබා ගනී. මගේ පාසල ගස්, වැල්, මලින් පිරී ඇත. පරිසරය ඉතා අලංකාර ය. මම කැමැතිම ස්ථානය පාසලේ බුදු මැදුරයි. මගේ පාසලට රුවන්මැලි මහා සෑ රදුන්ගේ පිහිටයි.


මම උපාසිකාවක් වෙමි

මම දිනූකා. මම පොහොය දිනවල සිල් සමාදන් වෙමි. පසුගිය වසරෙහි පොහොය එකොළහක් සිල් සමාදන් වුණෙමි. බණ කතා උගෙන ගතිමි. මම සිල් සමාදන් වෙන නිසා සියලු දෙනා මට ආදරය කරති. අම්මාටයි තාත්තාටයි ගොඩක් සතුටුයි. මම හොඳ ළමයෙක් කියලා. මම මේ අවුරුද්දෙත් සෑම පුන් පොහොය දිනකම සිල් සමාදන් වෙමි.


භද්දකච්චායනා තෙරණිය

අභිඥාලාභී භික්ෂුණීන් වහන්සේ අතර අග්‍රස්ථානයට පත්වූයේ භද්දකච්චායනා තෙරණියයි. දෙව්දහනුවර වාසය කළ සුප්‍රබුද්ධ රජතුමා පියාණන් කරගනිමින් ද, අමිතා බිසව මව කර ගනිමින් ද, දෙව්දත් කුමරු සහෝදරයා කර ගනිමින් ද දඹදිව දෙව්දහ නුවරදී උපත ලැබී ය. බිම්බා දේවි, ස්වර්ණ බිම්බය, රාහුල මාතා යන නම්වලින් පිදුම් ලද ඇය යශෝධරාව යි. සිදුහත් කුමරු සරණ පාවාගෙන රාහුල කුමරුන්ට උපත දුන් දවසේ සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කළේ ය. එම දුක ඇයට වාවා ගැනීමට නොහැකි විය. නමුත් රාහුල කුමරුට ගුණ නුවණ කියා දී පතිභක්තියෙන් ජීවත් වූවා ය. ගිහිගෙය අතහැර ගොස් සය වසරකට පසු මහ බෝ මුල දී සිදුහත් කුමරු සම්බුද්ධත්වයට පත්විය. ඒ බව ඇසූ යශෝධරාව සතුටට පත්විය. රාහුල කුමරු පැවිදි කිරීමෙන් පසු ඇය තවත් දුකට පත්විය. භික්ෂුණී ශාසනය ඇරැඹීමෙන් පසු භද්දකච්චායනා තෙරණිය නමින් ශාසනයට ඇතුළත් වූවා ය. වයස අවුරුදු හැත්තෑ අටේදී පිරිනිවන් පෑ සේක.


බුදුරජාණන් වහන්සේ


බිතුසිතුවමක්