Print this Article


ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික කමිටුව රැස් විය

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික කමිටුව රැස්වේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (25) සර්ව ආගමික කමිටුව ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. එම අවස්ථාවට මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය , අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ඇතුළු කතෝලික පියතුමන්ලා , සමස්තලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති ෂේක් මවුලවි රිෂ්වි ඇතුළු මවුලවිවරු, හින්දු ආගමික පූජකවරු ඇතුළු සර්ව ආගමික නායකයන් රැසක් සහභාගි වූ අතර ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සමඟ නිලධාරීහු පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.