Print this Article


පාස්කු ඉරිදා මියගිය පිරිස සිහිකර පත්තර මහගෙදර පහන් දල්වයි

පාස්කු ඉරිදා මියගිය පිරිස සිහිකර පත්තර මහගෙදර පහන් දල්වයි

පාස්කු ඉරිදා සිදු වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට සතියක් ඉක්ම වූ ඉකුත් 28 වනදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිකිරීමේ වැඩසටහන් රට පුරා පැවැත්විණි. ඊට සමගාමීව පත්තර මහ ගෙදර ඉතිහාසයේ පිටුවක් පෙරළමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික පූජකවරුන්ගේ සහභාගිත්වයෙන් ලේක්හවුස් ප්‍රධාන දොරටුව අබියස දී ආගමික වැඩසටහන් පැවැත්විණි. ලේක්හවුස් ආයතනයේ විදුලිපහන් නිවා ඉටිපන්දම් හා පහන් දල්වමින් මියගිය අය සිහි කිරීමද විශේෂත්වයකි.

කොළඹ 02 ගංගාරාමාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, උළමා සංවිධානයේ මුසර්ෆ් නවුෆර් මවුලවිතුමන්, සංදර නාරායන්කුරුක්කල් තුමා ඇතුළු ආගමික නායකයන් සහ ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, සාමාන්‍යාධිකාරිතුමා ඇතුළු සේවක සේවිකාවෝ විශාල පිරිසක් ඊට සහභාගි වූහ.