Print this Article


සෝභිත මහරහතන් වහන්සේ

සෝභිත මහරහතන් වහන්සේ

සෝභිත මහරහතන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පෙර විසූ කඳ පිළිවෙළ (පුබ්බේනිවාසානුස්සති) සිහි කරන්නා වූ භික්ෂූන් අතුරෙහි අග තනතුර ලැබූ සේක.

මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ සමයෙහි හංසවතී නුවර කුලගෙයක උපන් මෙතුමා දිනක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අසන අවස්ථාවක එක්තරා භික්ෂුවක පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරන භික්ෂූන් අතුරෙහි අගතන්හි තබනු දැක මම ද අනාගතයේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයෙහි මෙබඳු පදවියක් ලබන්නේනම් යනුවෙන් අධිෂ්ඨාන කොට සත් දවසක් පුරාවට මහ දන් පවත්වා, අවසාන දිනයෙහි සිතැඟි ප්‍රාර්ථනාව පදුමුත්තර බුදුරජාණන් වහන්සේට සැළ කළේ ය.

බුදුරජාණන් වහන්සේ අනාගතය දෙස බලා වදාරා එය සඵල වන බව දැන කුල පුත්‍රය මෙයින් කල්ප ලක්ෂයකට මත්තෙහි බුදුවන ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ සමයෙහි ඔබගේ ප්‍රාර්ථනාව සඵල වන්නේ යැයි විවරණ ලබා දුන්හ. හෙතෙම දිවි ඇතිතෙක් අප්‍රමාණ සුපැහැදුණු සිතින් යුක්තව නේක විධ පින් දහම් සිදු කොට සසර සැරි සරනුයේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සැවැත් නුවර බමුණු කුලයක සෝභිත නමින් ප්‍රකටව වාසය කළේ ය. පසු කාලයක දී හෙතෙම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැහැදී තෙරුවන් සරණ ගොස් පැවිදිව විදසුන් වඩා පසුව සව්කෙලෙසුන් නැසූ මහ රහතන්වහන්සේ නමක් බවට පත් වූ හ.

සෝභිත මහරහතන් වහන්සේ පෙර විසූ කඳපිළිවෙළ ගැන සිහි කරමින් එහි අන්තයටම ගොස් වාසය කළ සේක. උන්වහන්සේ ක්‍රමයෙන් පෙර විසූ ජාති සිහි කරමින් එහි අන්තයටම ගොස් වාසය කළ සේක. උන්වහන්සේ ක්‍රමයෙන් පෙර විසු කල්ප පන්සියයක කාලයක් සිතක් නැතිව සිටි කාලය පවා හැඳීන ගත් සේක. බුදුරජාණන් වහන්සේ මෙම කාරණය හැඳින, එතදග්ගං භික්ඛවේ මම සාවකානං පුබ්බේනිවාසං අනුස්සරතානං යදිදං සොභිතො යනුවෙන් වදාරා පෙර විසූ කද පිළිවෙළ සිහිකරන භික්ෂූන් අතුරෙන් මෙ සෝභිත භික්ෂුව අග්‍රස්ථානයෙහි තැබූ සේක.

ථෙරගාථා පාලියේ දුක නිපාතයෙහි සෝභිත මහරහතන් වහන්සේගේ උතුම් මහරහත් භාවය අභීතව සීහනාද කර තිබේ. “සිහි ඇති, නුවණ ඇති, පටන්ගන්නා ලද බල හා හා වීය¸ අති මහණකු වූ මම පන්සීයයක් කප් එක් රැය මෙන් සිහි කළෙමි. සප්තබොධ්‍යංගයන් ද,

අෂ්ටමාර්ගයන් ද වඩනුයෙමි පන්සියක් කප් එක්රැය මෙන් සිහි කළෙමි.