Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මහනුවර වත්තේගම ඉහළ යටවර ශ්‍රී බෙත්තාරාම මූල මහා විහාරස්ථානුබද්ධිත ශ්‍රී සුගතෝදය දහම් පාසලෙහි වාර්ෂික ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය කන්තලේ අග්‍රබෝධි මහ පිරිවෙන් වෙළුන්නා රාජ මහා විහාරාධිපති හා උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝ නායක යටවර පුඤ්ඤරතන නාහිමියන්ගේ හා වත්තේගම ඉහළ යටවර ශ්‍රී ඛෙත්තාරාම මූල මහා විහාරාධිපති පාතදුම්බර උප ප්‍රධාන සංඝ නායක තැන්නේ කුඹුරේ විමලානන්ද නා හිමි, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වත්තේගම රතනසාර හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති උඩරට අමරපුර නිකායේ අධිකරණ සංඝ නායක වරදිවෙල විජයසුමන නාහිමියන්ගේ මූලාසනයෙන් හා සම්භාවනීය ගිහි පැවිදි උතුමන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. එහිදී සිසු දරුවන්ට ත්‍යාග ප්‍රදානය මෙන්ම උපකුලපති නාහිමියන්ට උපහාර පිදීම හා සම්මාන උපාධි ලබාගත් ගල්මැටියාවේ සිරිවිමල හිමියන්ට සහ මංගල තිලකරත්න මහතාට උපහාර පිදීමද සිදුවිය.
එම අවස්ථාවට මානිංගමුවේ පියරතන, මැදගොඩ ආනන්ද නාහිමිවරුන් හා අකුරණ කෙයා හොස්පිටල් අධිපති ඉල්ලියාස් මහතා, පාතදුම්බර ප්‍රාදේශීය සහකාර ලේකම්තුමිය, ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.