Print this Article


හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි ගුණ සමරුව 29 වන දා

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි ගුණ සමරුව 29 වන දා

කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන පිහිටුවා වදාළ බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ 108 වන ගුණ සමරු උළෙල මෙම මස 29 වන දා පස්වරු 3 ට විද්‍යෝදය පිරිවෙනේ දී පැවැත්වේ.

විද්‍යෝදය පරිවෙනාධිපති ගාලු සහ බස්නාහිර දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක දර්ශනපති උපාධ්‍යාය බළන්ගොඩ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ විශේෂ සහභාගීත්වයෙන් එම උත්සවය පැවැත්වේ.

විද්‍යෝදය ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන සභාපති දිවියාගහ යසස්සි නාහිමියන්ගේ සහ ප්‍රධාන ලේකම් නෙළුවේ සුමනවංස හිමියන් ඇතුළු විද්‍යෝදය ආදි ශිෂ්‍ය සංගමය එම උත්සවය සංවිධානය කර ඇත.