Print this Article


පහන් සිතක කවි

නිදුකින් වැජඹේවා!

දැයේ දරුවන්ගෙ නැණ නුවණ පාදන්ට
කරුණා මෙත් ගුණය සැම මොහොතෙ
මතුකොට
දන් දීම පළමුවෙන් සලකා
සිල් සුවඳ විහිදුවන
දිවියාගහ යසස්සී හිමි සඳ
නිදුකින් වැජඹෙන්න


හතර රියන

උදේ සිට රෑ වෙන තුරු
මේ කය, මේ සිත
සනසවන්නට
පිම්මේ දුවන
මේ ගමන
අවසාන වනුයේ
හතර රියන
හමු වූ විට ය.


සමනොළ වරුණ

සිරිපා සමයේ සමනොළ වරුණේ
සුමන සමන් දෙවි අඩවිය වරුණේ
මුනි සිරි පා ඇත සමනොළ මුදුනේ
වැන්දොත් අත් වෙයි සතහට නිවනේ


නිවනට යන මග

තුනී කළ කෙලෙස් ඇති
මිනිසා
නොකරයි පීඩා
අහිංසක මිනිසුන්ට
කිත් යසස් නොසොයා
මෙත් සිතින් කරති සේවා
සීල සමාධිය වඩන
මෙවන් මිනිසා
නිවන් මග යනු ඇත


සමනොළ වරුණ

සිරිපා සමයේ සමනොළ වරුණේ
සුමන සමන් දෙවි අඩවිය වරුණේ
මුනි සිරි පා ඇත සමනොළ මුදුනේ
වැන්දොත් අත් වෙයි සතහට නිවනේ


මත් රකුසා පන්නමු

පැතිර මත් උවදුර
ගිලගෙන තරුණ පරපුර
කරන දැඩි හිරිහැර
වළක්වන්නට ගනිමු පියවර
මත් රකුසු බල බිඳ
රකිමු දරු සම්පත හොඳ
සැවොම අත්වැල් බැඳ
පෙරට යමු නගමින් කහළ නද


සත්‍ය කය දිරලා...

යනතුරු මහ පොළොවට
නටති, දුවති
කරයි හිනැහී
දිවියේ අසාර බව
වැටහුණු දිනයට
අපට වේවි
දුක්වන්නට සැමවිට


දියේ ඇඳි ඉරි වගෙයි...

සියලු ජීවිත ලොවේ
දියේ ඇඳි ඉරි ලෙසින් නිති දිස්වේ
ඒ වගෙයි ලොවේ ඇති සියලු දිවි
ඉරි ලෙසින් දියේ ඇඳි

මැකී යයි මැකී යයි ක්ෂණයකින්
ස්ථීර මරණයම සොය සොයා
ඒ නිසා කුමන කෙළි කවට කම්දෝ ඉතින්
කුසල් දම් හී නිතින් නිරත වෙනවා විනා


මාස්පොත ලොකු හාමුදුරුවෝ

නීතිය විනය බුදු සසුනේ රුව නෙලුවා
කාසිය ධනය නොව පීඩිත දුක බැලුවා
භීතිය අපේ දුරු කළ රුව මරු හෙලුවා
බෝධිය මාස්පොත අකලට කොළ හෙලුවා

දැන බණ දහම් නිසි යන මග දරාගිය
පින පව කියා දී සිත් තුළ නසා විස
ගෙන දුන් මිනිපහන නිවුණත් අමාරස
සැනසුම ලැබේවා නිවනේ නිරාමිස