Print this Article


ශාසන ප්‍රදීපාරාමය සඟසතුකර පූජා කෙරේ

ශාසන ප්‍රදීපාරාමය සඟසතුකර පූජා කෙරේ

රාජ්‍ය සේවයේ නිරතව සිට ගිහි ගෙය හැර දසසිල් මාතාවක් වූ කඩවත ධම්මපාලි මෑණියන් වසර 15 ක පමණ කාලයක් තුළ ගොඩනඟා සංවර්ධනය කළ විදුලිපුර කිරිවන්එළියේ ශාසන ප්‍රදීපාරාමය සඟ සතුකොට පූජා කළේ ය.

පැවිදි භූමියට පත්වීමට පෙර ශ්‍රී පාද අඩවියේ ජනතාවට භාවනා වැඩසටහන් සංවිධානය කරමින් විශාල කාර්යය භාරයක් කළා ය. ආරාමය සකස් කිරීමෙන් පසු කටුගොඩ විරියපාලි ලොකුමෑණියන්ට එහි සියලු පරිපාලන කටයුතු පැවරී ය. එතුමිය ඒ ආරාම පරිපාලන කටයුතු සියල්ල කරමින් තව තවත් ආරාමය දියුණු කළා ය. ගිහි ගෙය වගකීම් ඉටුකර 2006 වසරේ දී කඩවත ධම්මපාලි නමින් පැවිදි දිවියට පත් වූ අතර , 2014 වන විට ආරාමය අංග සම්පූර්ණ වූ හෙයින් ලොකු මෑණියන්ගේ මඟ පෙන්වීම යටතේ ආරාමයෙහි මෑණිවරු රැසක් සිටියා ය. දැනට වසර තුනකට පමණ පෙර කටුගොඩ විරියපාලි ලොකු මෑණියන් අපවත් වූයෙන් ආරාම පරිපාලනය පැවරුණි.

මහසඟරුවනට ආරාමය පූජා කිරීමට කල්පනා කර අම්පාරේ ආනන්ද සිරි හිමියන්ගෙන් පිටිගල ගුණරතන හිමියන් දැන හඳුනාගෙන විරියපාලි ලොකුමෑණියන් අපවත් වී අවුරුදු 03 පින්කම යෙදී තිබුණු මාර්තු 20 වෙනිදා ආරාමය සතර දිගින් වඩින මහා සංඝරත්නය වෙත සඟසතුකොට පූජා කරන ලදී.