Print this Article


පිච්ච මල් පූජාවට වසර 30 සපිරීම නිමිත්තෙන් අනුරාධපුර නිවාස 30ක් ඉදිකිරීමට පියවර

පිච්ච මල් පූජාවට වසර 30 සපිරීම නිමිත්තෙන්

අනුරාධපුර නිවාස 30ක් ඉදිකිරීමට පියවර

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනම විසින් අනුරාධපුරයේ පවත්වන වාර්ෂික පිච්ච මල් පූජාවට වසර තිහක් සපිරීම නිමිති කොට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආර්ථික අපහසුතා ඇති පවුල් 30 කට නිවාස තනවා දීමට මාර්තු 13 වනදා මුල්ගල් තැබී ය. එම අවස්ථාවට අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතාද සහභාගි විය. එම වැඩසටහන ස්වේච්ඡා පදනමකින් මහජන ආධාර වලින් සිදුකරන්නක් හෙයින් ඊට සහායවන ලෙස කොටපොළ අමරකිත්ති හිමියෝ ඉල්ලීමක් කරති.

එක් නිවසක් සඳහා රුපියල් අටලක්ෂයක් වන අතර ශ්‍රමය ලබාදීමෙන් ද සහාය විය හැකි බවත් පෙදරේරුවන්ගේ හා වඩුකාර්මිකයන්ගේ සහායද ඒ සඳහා අවශ්‍ය බවත් කොටපොළ අමරකිත්ති හිමියෝ සඳහන් කරති.