Print this Article


අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මය

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මය

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය 2019 ජූනි 21, 22 හා 23 යන දිනවල දී බලපිටිය, වැලිතර මහා කප්පින වලව්ව සීමාමාලක මූලස්ථාන විහාරය යාබද ‘ස්වේජින්’ සීමාමාලකයේ දී සිරි සද්ධම්මවංසපාල ගණාචරිය මහාමහෝපාධ්‍යාය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බව නිකායික සියලු භික්ෂු මහා සංඝයා වහන්සේ වෙත දන්වා සිටිනු ලැබේ.

සුදුසුකම් සපුරා ඇති උපසම්පදාපේක්ෂකයන් වහන්සේලා මහා ලේඛකාධිකාරී නාහිමි, මහා කප්පින වලව්ව සීමාමාලක මූලස්ථාන විහාරය, වැලිපාර බලපිටිය යන ලිපිනයෙන් හෝ ප්‍රාදේශීය සංඝ සභා ලේකම්වරු වෙතින් හෝ අයදුම්පත් ලබාගෙන නිසිපරිදි සම්පූර්ණ කොට සිය ආචාර්යයන් වහන්සේ මගින් මැයි 31 දිනට පෙර එම ලිපිනයට ලැබෙන්නට සැලැස්විය යුතු යැයි සුධර්මා කාරක සංඝ සභාවේ අනුමැතිය පරිදි, මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත, දර්ශනපති බලපිටියේ සිරිසීවලි නාහිමියෝ දන්වා සිටිති.