Print this Article


බෞද්ධාලෝක වෙසක් කලාපයේ තොරණට කප් සිටුවයි

බෞද්ධාලෝක වෙසක් කලාපයේ තොරණට කප් සිටුවයි

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 18 වන වරටත් සංවිධානය කරන බෞද්ධාලෝක වෙසක් කලාපය මැයි මස 18 වන දින සිට 21 වන දින දක්වා ජනාධිපති කාර්යාලය හා ඒකාබද්ධව පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී.

මෙවර බෞද්ධාලෝක වෙසක් කලාපය වෙනුවෙන් සම්මේලන භූමියේ ඉදි කෙරෙන තොරණට කප් සිටුවීම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ සුරතින් ඉකුත් දා (27) සිදු කෙරිණි.

මෙවර තොරණේ තේමාව වන්නේ කච්චානි ජාතකය යි. තොරණ උස අඩි 60 ක් ද පළලින් අඩි 60ක්ද විදුලි බුබුළු හතළිස් පන් දහසකට අධික ප්‍රමාණයකින්ද සමන්විත ය.