Print this Article


පැවිදි බිමට

පැවිදි බිමට

වාද්දුව මැස්ටිය සුනේත්‍රාරාම විහාරාධිපති රාජකීය පණ්ඩිත බඩල්කුඹුරේ හිමියන්ගේ ආචාර්යත්වයෙන් හා කෝට්ටේ පාර්ශ්වයේ සංඝනායක කරන්නාගොඩ අමරවංස හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් නවින් රුවන්දින බණ්ඩාර කුල කුමරුවා පසුගිය දා (16) ‘රත්නදෙනියේ චන්දානන්ද’ නමින් වාද්දුව මැස්ටිය මහා විහාරස්ථානයේ දී පැවිදි බිමට පත් විය.

එම පින්කමට පරිවේනාධිපති ශාස්ත්‍රපති කදුරුඳුවේ සුගතවංස නා හිමි තල්පිටිය උදාවත්ත පුරාණ මහා විහාරාධිපති ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන නා හිමි, මලෑගම කන්දඋඩවත්ත, පි‍්‍රයදර්ශනාරාමාධිපති රාහුල හිමි සහ ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.