Print this Article


ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

කැලණිය ගල්බොරැල්ල බෝධිරුක්ඛාරාම මාවතේ අංක 97 හි පදිංචි ගැමුණු දේශපි‍්‍රය මහතා සියපත සංවර්ධන පදනම මගින් දේශබන්දු, දේශකීර්ති ගෞරව සම්මානයෙන් පසුගියදා (24) පිදුම් ලැබුවේ ය.

කැලණි මහා විද්‍යාලයෙන් හා කැලණිය ගුරුකුල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ උසස් පෙළ සමත් මොහු දහම් පාසල් ගුරුවරයෙකු වශයෙන් කලක් සේවය කළේ ය. කැලණිය ගල්බොරැල්ල ග්‍රාම සංවර්ධන සමිතියේ ප්‍රධාන ලේකම් ධූරය හොබවන අතර, වැඩිහිටි සමිතියේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. ග්‍රාම ශක්ති සමිතියේ අනුකමිටු සභාපතිවරයෙකු වශයෙන් ද කටයුතු කරයි. ප්‍රජා පොලිස් කමිටුවේ සාමාජිකයෙකි. තවද ප්‍රදේශයේ ආගමික, සාමාජීය මෙහෙවරයන්ට නොපිරිහෙලා දායකත්වය ලබා දෙන ඔහු වෙසක් නාට්‍ය පිටපත් හා වෙසක් පහන් කූඩු නිර්මාණයෙහි විශේෂ කුසලතාවයක් දක්වන කලාකරුවෙකි. ඔහු අගනුවර ප්‍රසිද්ධ පුවත්පත් ආයතනයක සේවය කරයි.