Print this Article


සේරුවිල මංගල රජමහා විහාරයේ අලුත් සහල් මංගල්‍යය 6, 7 දිනවල

සේරුවිල මංගල රජමහා විහාරයේ අලුත් සහල් මංගල්‍යය 6, 7 දිනවල

රටට දැයට සෙත් ශාන්තිය හා සෞභාග්‍ය පතා වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන අලුත් සහල් මංගල්‍යය මෙවරත් 64 වෙනි වරට මෙම මස 6,7 දිනවල ඓතිහාසික සේරුවිල මංගල රාජමහා සෑය අභියස දී සිදු කෙරේ. සේරුවිල මංගල රාජමහා විහාරාධිපති නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී මුංහේනේ මෙත්තාරාම නාහිමියන්ගේ අනුශාසනා පරිදි සේරුවිල මංගල මහා චෛත්‍ය වර්ධන සමිතිය විහාරස්ථ දායක සභාව සේරුවිල ප්‍රජා සංවර්ධන පදනම ශ්‍රී සුමේධංකර දහම් පාසල ඇතුළු සමිති සංවිධාන හා වෛද්‍යාචාර්ය ආර්.ඩී.සී. රත්නතිලක මහතාගේ සහභාගීත්වයෙන් යුත් කුරුණෑගල ඇතුගල්පුර සංස්කෘතික සංවිධානයේ මෙහෙයවීමෙන් සිදුකරන එම අලුත් සහල් මංගල්‍ය පූජාව 6 වන දින අලුයම කිරි ඉතිරවීමේ මංගල්‍යය, කිරි ආහාර පුජාව, සිරි සම්බුද්ධ පූජාව හා හේවිසි පූජා ශාන්තිකර්මය පැවැත්වෙන අතර 7 වැනි දින පෙරවරු 9 සිට අලුත් සහල් මංගල්‍යය සිදු කෙරේ.