Print this Article


සාමග්ගි මහ සඟ සමුළුව

සාමග්ගි මහ සඟ සමුළුව

ශ්‍රී ලාංකීය ජනතාවගේ හිමිකම් ආරක්ෂා කර ගැනීමේ ජාතික ප්‍රතිපත්ති මාලාවක් සඳහා වූ සාමග්ගි මහා සඟ සමුළුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කර තිබුණි.

එම මහා සඟ සමුළුව පසුගිය දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී මහා සංඝරත්නයෙහි සහභාගිත්වයෙන් පැවැත්විණි.

එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමි, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා විසින් විශේෂ දේශන පවත්වන ලදී.

එම සාමග්ගි මහ සඟ සමුළුව ඉදිරියටත් සාර්ථකව පවත්වන බව මහා සංඝ රත්නය පවසයි.