Print this Article


බේගමුවේ නාරද හිමියෝ නායක පදවි ලබති

බේගමුවේ නාරද හිමියෝ නායක පදවි ලබති

වාද්දුව මහවාද්දුව ගංගාරාම මහා විහාරස්ථ සිරිසුමන දහම් පාසලේ ප්‍රධානාචාර්ය බේගමුවේ නාරද හිමියන් වෙත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මගින් “ධර්ම කීර්ති ශ්‍රී සුමන” යන ගෞරව නාමය සහිතව පානදුර තොටමුණ උප ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍රය පිරිනැමීම මෙම මස 30 වනදා පස්වරු 3.00 කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් සිදුකෙරේ.