Print this Article


උතුම් ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරේ

උතුම් ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක ලේඛනයට

ඇතුළත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරේ

උතුම් ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව අතිපූජනීය තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත භාරදීමේ භාග්‍යමත් අවස්ථාව ඉකුත් දා (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේ දී සිදු විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් එම යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හැනා සිංගර් මහත්මිය වෙත පිළිගන්වනු ලැබී ය.

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමින් වහන්සේ, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මල්වතු, අස්ගිරි උභය මහා විහාරවාසි අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය, ථෙරවාද බෞද්ධ රාජ්‍යයන් වන මියන්මාරය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජ සංඝරාජ හිමිවරුන් සහ විදේශ රටවල් නියෝජනය කරමින් වැඩම කරන ලද මහා සංඝරත්නය ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් සහ ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයන් ද, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හැනා සිංගර් මහත්මිය, යුනෙස්කෝ සංවිධානය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙනත් ආයතනවල නියෝජිතවරුන් සහ විදේශීය තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් ද, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාල බස්නායක නිලමේවරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.