Print this Article


සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක, අමාවක, පුර පසළොස්වක, අව අටවක බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.

****

අපේ බුදු හාමුදුරුවෝ

අපේ බුදු හාමුදුරුවන්ට “සුගත” කියා පවසනු ලැබේ.

අපේ බුදු හාමුදුරුවන්ගේ අගසව් දෙනම වනුයේ සැරියුත් මහ රහතන් වහන්සේ හා මුගලන් මහරහතන් වහන්සේ ය. අපේ බුදුහාමුදුරුවෝ අසරණ මිනිසුන්ට පිහිට වූ හ.අපේ බුදුහාමුදුරවෝ අවරුදු අසූවේදී පිරිනිවන් පා වදාළ සේක.

****

නිමිති සතර

පුංචි කුමරු ඉපදුණා
හොඳින් ශිල්ප පිහිටුණා
යශෝධරා කුමරි මෙහෙසිය වුණා
යුව රජ පදවිය ලැබුණා

උයන් කෙළියට යති
මහල්ලෙක් මග දකී
රෝගියෙක් දැක ගනී
අහෝ දුක් යැයි සිතී

මළ මිනියක් රැගෙන යයි
පැවිදි රුවක් මුණ ගැසෙයි
නිමිති සතරක් දකියි
නිවනට සිත යොමු කරයි

****

භාවනාව

බුදු දහමෙහි බොහෝ භාවනා ක්‍රම උගන්වයි . භාවනා කිරීම යනු සිත පිරිසුදු කර ගැනීමයි. සිත දියුණු කර ගැනීමයි. භාවනා අතුරින් මෛත්‍රි භාවනාවට මම ඉතා පි‍්‍රය කරමි. එම භාවනාව වැඩීමෙන් ලැබෙන ආනිශංස දොළහක් පිළිබදව මෙත්තානිසංස සූත්‍රයේ දක්වා ඇත. සුවසේ නින්ද යයි, සුවසේ අවදි වෙයි, නපුරු සිහින නොපෙනෙයි, මිනිසුනට පි‍්‍රයවෙයි, අමනුස්සයන්ට ද පි‍්‍රයවෙයි, ගිනි, විස, ආයුධවලින් කරදරයක් නොවේ. මරණින් පසු බඹලොව උපදියි, ඉක් කිහිපයකි.

භාවනා කිරීමේ දී ගැහැනු අය අර්ධ පර්යංකයෙන් ද පිරිමි අය බද්ධ පර්යංකයෙන් ද වාඩිවී භාවනා කරයි.

****

අපේ නිවසෙහි බුදු කුටිය

තුන්ලොවට අග්‍ර වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රේෂ්ඨ ධර්මය පිළිපැදීමෙන් උසස් ජීවිත ගත කිරීමට හැකියි. නිවන් මඟ පාදා ගත හැකියි. අපගේ නිවසෙහි ඇති බුදු කුටියෙහි වැඩවෙසෙන බුදුපිළිම වහන්සේ වෙත ගොස් මම දිනපතා උදේ සවස පාට පාට සුවඳැති මල්, පහන්, පැන්, ආහාර පූජාකර සුවඳ දුම් දල්වා ගාථා කියමින් වන්දනා කරමි.

****

පුරිසදම්ම සාරථි ගුණය

පුරුෂයන් දමනය කිරීමේ ගුණය මේ නමින් හැඳින්වේ. අප බුදුරජාණන් වහන්සේ පුරුෂයන් දමනය කළ අවස්ථා පිළිබඳව ද බුද්ධ චරිතයෙන් අප ඉගෙන ගන්නෙමු. අංගුලිමාල, ආලවක යක්ෂයා, නාලාගිරි ඇතා දමනය කළ ආකාරය උදාහරණ ලෙස දැක්විය හැක.

****

සාලිකේදාර ජාතකය

****

සුන්දර පරිසරයක්