Print this Article


ථෙරවාදී ත්‍රිපිටකය හා ලෝක උරුම මතකය

ථෙරවාදී ත්‍රිපිටකය හා ලෝක උරුම මතකය

භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ශක්තියෙන් අවබෝධකොට ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශිත උතුම් වූ ශ්‍රී සද්ධර්මයට අයත් වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රථම ධර්ම සංගායනාවේ දී ආනන්ද මහරහතන් වහන්සේ ඇතුළු පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුණු අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය ත්‍රිපිටකය යි.

තථාගත සම්මා සම්බුද්ධත්වයට පත් සිද්ධාර්ථ බෝසතාණෝ ක්‍රි.පූ. 06 වන සියවසේ දී දඹදිව ලුම්බිණි නම් ස්ථානයේ උපත ලබා බුද්ධගයාවේ දී බුද්ධත්වයට පත්වී, අවුරුදු 45 ක කාලයක් ධර්මය දේශනාකොට වදාළසේක. උන්වහන්සේ ජීවමාන කාලයෙහි එසේ දේශනා කොට වදාළ ධර්මය ත්‍රිපිටක දේශනාව ලෙස හඳුන්වති.

භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ශක්තියෙන් අවබෝධකොට ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශිත උතුම් වූ ශ්‍රී සද්ධර්මයට අයත් වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රථම ධර්ම සංගායනාවේ දී ආනන්ද මහරහතන් වහන්සේ ඇතුළු පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුණු අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය ත්‍රිපිටකය යි. ථෙරවාදීන් විසින් පිළිගන්නා මූලික බෞද්ධ ධර්මය ග්‍රන්ථ සාහිත්‍යය එම ථෙරවාදීන්ගේ ත්‍රිපිටකය ලෙස පිළිගැනේ. පිටක තුනකින් යුක්ත බැවින් එය ත්‍රිපිටකය ලෙස හඳුන්වයි. එම පිටක තුන විනය පිටකය, සූත්‍ර පිටකය හා අභිධර්ම පිටකය ලෙසට භාවිත වේ.

‘පිටක’ යනු සාහිත්‍යය, භාජනය, කොටස වැනි අර්ථ දැක්විය හැකි ය. ඒ අනුව පරිවාර නම් විභංග ග්‍රන්ථයේ බුද්ධ දේශනාව පිටක යනුවෙන් හඳුන්වා ඇත. ‘තස්ස සිස්සො මහා පඤ්ඤා කො නාමො තෙ පිටකෙ සබ්බත්ථ කොවිධො’ මෙහි තෙ පිටක යනුවෙන් යොදා ඇත්තේ බුද්ධ දේශනාව වූ ත්‍රිපිටකය හැඳින්වීම සඳහා ය.

විනය පිටකය

බුදුරජාණන් වහන්සේගේ දේශනාව සංගායනා කිරීමේ දී පළමුවෙන් ම විනය පිටකය සංගායනා කොට ඇත. මුල්ම සංගායනාවේ දී ඒ සඳහා උපාලි තෙරුන් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඕනෑම දේක පැවැත්මට විනයක් අවශ්‍ය වන බැවින් ශාසනයේ පැවැත්ම සඳහා ද විනය අත්‍යවශ්‍ය වන නිසා විනය පිටකය මුලින් ම සංගායනා කරන්නට ඇත. ‘විනයෝ නාම සාසනස්ස ආයු’ යනුවෙන් එය තවදුරටත් පැහැදිලි වේ. බුද්ධ දේශනාවට අදාළ වූ සියලුම විනය කරුණු විනය පිටකයට ඇතුළත් වේ. සමස්තයක් ලෙස ගත්කල විනය පිටකය නමින් හඳුනාගන්නා කොටස බුද්ධ භාෂිතය තුළ අන්තර්ගත වූ ප්‍රාතිමෝක්ෂය පදනම් වූවකි. ඒ අනුව සංග්‍රහ වූ උභතො විභංග, ඛන්ධඛ හා පරිවාර ග්‍රන්ථ ඊට ඇතුළත් වේ. ප්‍රථම සංගායනාවෙන් පසු පාරාජිකා, පාචිත්තිය, මහවග්ග, චුල්ලවග්ග හා පරිවාර වශයෙන් ඒවා පවත්වාගෙන ඇවිත් තිබේ.

සූත්‍ර පිටකය

පළමු සංගායනාවේ දී ම මහා කාශ්‍යප හිමියන් දෙවනුව සංගායනා කිරීමට යෝජනාකර ඇත්තේ සූත්‍ර පිටකය යි. ඒ අනුව සූත්‍ර පිටකයට දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය අංගුත්තර නිකාය, හා ඛුද්ධක නිකාය යන කොටස් ඇතුළත් වේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ විසින් වරින්වර විවිධ අවශ්‍යතා සඳහා දේශනාකොට වදාළ සූත්‍ර දේශනා ඊට ඇතුළත් වේ. ප්‍රමාණයෙන් දීර්ඝ වූ දේශනා දීඝ නිකායට ඇතුළත් වන අතර ඊට සීලක්ඛන්ධක, මහවග්ග හා පාටිකා වශයෙන් අනු කොටස් තුනක් යටතේ දීර්ඝ වූ සූත්‍ර 34 ක් අන්තර්ගත වේ. මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර ඇතුළත් කොට ඇත්තේ මජ්ක්‍ධිම නිකායටය. සංයෝග, සංකලන, ඒකරාශීකිරීම යන අර්ථ ඇති සංයුක්ත නාමයෙන් සූත්‍ර ඇතුළත් කර ඇත්තේ සංයුක්ත නිකායට ය. එහි ප්‍රමාණය හා කාරණා අතින් විවිධ සූත්‍ර ඇතුළත් කර තිබේ. එහි සූත්‍ර හත්දහස් හත්සිය හැට දෙකකි. (7762) බණවර වශයෙන් සියයකි. අංගුත්තර නිකාය යනු එක් එක් අංගයන්ගේ වැඩිවීම වශයෙන් පවතින බව යැයි අටුවා අදහසයි. සූත්‍රවල විස්තරවන ධර්ම කාරණා ගණන් වශයෙන් දක්වා ඇත. මෙහි සූත්‍ර නවදහස් පන්සිය පනස්හත (9557) කි. ඛුද්ධක නිකායට ඛුද්ධක පාඨ, ධම්ම පදය, උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවත්ථු, පේතවත්ථු, ථෙරගාථා, ථෙරිගාථා, ජාතක, නිද්දේස, පටිසම්භිදාමග්ග, ආපදානපාලි, බුද්ධවංසය, හා චරියාපිටක වශයෙන් ග්‍රන්ථ 15 ක් ඇතුළත් වේ.

අභිධර්ම පිටකය

ථෙරවාදී මූලාශ්‍රය අනුව බුද්ධ භාෂිත ධර්මය සංග්‍රහ කෙරෙන තුන්වන පිටකය මෙය වේ. එහි පිළිගත් ග්‍රන්ථ හතකි. එනම් ධම්මසඩ්ගණිප්පකරණ, විහ¾ඩ්ගප්පකරණ, ධාතුකථාප්පකරණ, පුද්ගලපඤ්ඤත්තිප්පකරණ, කථාවත්ථුප්පකරණ, යමකප්පකරණ හා පට්ඨානාප්පකරණයයි. බුද්ධ දේශනාවේ ප්‍රකට ධාතු, ස්කන්ධ, ආයතන, ඉන්ද්‍රීය ධර්මාදී මූලික සංකල්ප මෙයින් වඩාත් පුළුල්ව විවරණය කෙරේ. එය බුද්ධ දේශනාවේ වඩාත් ගැඹුරු දේශනා අන්තර්ගත සාහිත්‍ය ලෙස පිළිගැනේ.

විද්වතුන්ගේ පිළිගැනීම අනුව පළමු ධර්ම සංගායනාවේ දී සංගායනා වී ඇත්තේ ධර්ම විනය දෙක පමණක් යැයි සඳහන් වී ඇත. එම ධර්ම විනය කාණ්ඩ දෙකට බුද්ධ දේශනාවට අයත් සියලුම ධර්ම කාරණා ඇතුළත් වේ. පසුකාලීනව එය ධර්ම විනය යන කාරණා දෙක ත්‍රිපිටකය ලෙසට කොටස් තුනකට බෙදා (සූත්‍ර. විනය හා අභිධර්මය වශයෙන්) වෙන්කර තිබේ. එය ථෙරවාදී ත්‍රිපිටකය ලෙස හඳුනාගත හැකි ය.

එම ථෙරවාදී ත්‍රිපිටකය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව හා නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත් වීමෙන් හා උපදෙස්මත 2019 ජනවාරි 05 වන දින මාතලේ ඓතිහාසික අලුවිහාරයේ දී ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත්කළ අතර නැවත අතිගරු ජනාධිපතිතුමාට එය ලෝක උරුමයක් බවට පත්කිරීමට අවශ්‍යව තිබේ. ඒ අනුව මෙම මස එනම් මාර්තු 16 – 23 අතර සතියක කාලයක් දිවයින පුරා උත්සව පවත්වා ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාවේ පළමු පියවර ගනු ලැබේ. ඒ අනුව ථෙරවාදී ත්‍රිපිටකය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා අනෙකුත් රාජ්‍ය අමාත්‍යාංශ හා ආයතන සම්බන්ධ කරගනිමින් මෙම මාහැඟි කටයුත්ත මේ වන විට ආරම්භකර ඇත. ඊට අනුව මාර්තු 23 වන දින ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරන යෝජනාව දළදා මාළිගා මහමළුවේ දී ඉදිරිපත් කෙරේ.

මේ අනුව යුනෙස්කෝ ලෝක මතක (ර්ඥථධපර ධට බඩඥ එධපතඤ) යටතේ එය අපට ඉදිරිපත් කළ හැකි ය. එසේ ඉදිරිපත් කිරීමේ දී ඒ සඳහා පිළිගැන්වීමට අදාළ සුදුසුකම් රැසක් ලබා තිබිය යුතු ය. එම සුදුසුකම්වලට එකඟවන ආකාරයේ නිදර්ශන, සාධක, මතක ආදිය ත්‍රිපිටකයේ අන්තර්ගත වේ. ඒවා නම් සර්වකාලීන බව,අලුත් සොයාගැනීමක් ද යන්න, නිවන් මග, එම වර්ගයේ පළමු හා එකම එක බව, ලෝක ඉතිහාසය, සංස්කෘතික, දේශපාලනය, සුවිශේෂ පුද්ගලයින්, ස්වාභාවික විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යාව, කලාව, ක්‍රීඩාව ආදිය තුළින් ඉන් එකක් හෝ කිහිපයක් ඇතුළත් විය යුතු ය. ඒ අනුව බලන කල ත්‍රිපිටකය ලෝක මතක (ර්ඥථධපර ධට බඩඥ එධපතඤ) යෝජනාවලිය ඉදිරිපත් කිරීමේ දී ඉහතින් සඳහන් සුදුසුකම් සියල්ලම ඇතුළත්වන ආකාරයට එම යෝජනවාලිය සැකසිය හැකි ය. එනිසා ථෙරවාද බෞද්ධාගම සුරකින, ඊට අනුව කටයුතු කරන පිරිසක් හා එය රඳාපවතින රටක් හැටියට මෙය ලෝක උරුම මතක යටතේ ලියාපදිංචි කිරීම අපේ කාලීන වගකීමක් හා යුතුකමක් වන අතර ඊට ඇපකැප වී කටයුතු කරන එම සංකල්පය ඉදිරිපත් කළ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු විෂය භාර ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාටත්, අපේ ගෞරව පූර්වකව ස්තුතිය පිරිනැමිය යුතු වේ.