Print this Article


දරු දෙදෙනා වෙනුවෙන් පිහිට පතයි

දරු දෙදෙනා වෙනුවෙන් පිහිට පතයි

අංක 763, යක්කඩුව ජා ඇල පදිංචිව සිටින කුස ඉදිමීමේ රෝගයට ගොදුරුවීමත් ඇවිදීමට නොහැකිවීමත් නිසා රෝගී තත්ත්වයට පත්ව ඇති වයස අවුරුදු 04 ක ගැහැනු දරුවාට ප්‍රතිකාර ලබා ගැනීමට පිහිට වන ලෙස එම දරුවාගේ පියා වන හේමන්ත සිසිර කුමාර මහතා ඉල්ලා සිටියි. එමෙන්ම වයස අවුරුදු 06 ක් වූ දැනට රාගම බිහිරි පාසලේ ඉගෙනුම ලබන පිරිමි දරුවකු ද තමන්ට සිටින බැවින් මෙම දරුවන් රැක බලා ගැනීමට සිදුව ඇති බැවින් රැකියාවක් කිරීමට නිවසින් බැහැර වීමට නොහැකි වී ඇති බව පියා පවසයි. එම දරුවා පාසලට රැගෙන යාම සහ ඒම ද පියා විසින් ම කරන බැවින් පියාට රැකියාවක් කරගත නොහැකි වී ඇත. මව ගැහැනු දරුවාගේ රෝගී තත්ත්වය නිසා රැකියාවකට පිටව යාමට නොහැකි වී තිබේ.

රෝගී දරුවාට ප්‍රතිකාර කිරීමට විශාල මුදලක් වැය වන බැවින් එම මුදල් ලබා ගැනීමට දරුවන්ගේ මව්පියන්ට නොහැකි වී තිබේ. ඔවුන් වෙනුවෙන් විවෘත කර ඇති ලංකා බැංකුවේ ජා - ඇල ශාඛාවේ ඇති ගිණුම් අංක 464936 ට බැර කරන ලෙස අසරණ තත්ත්වයට පත්ව ඇති මව්පියෝ මේ පිළිබඳව අවධානය යොමු කරන ජනතාවගෙන් ඉල්ලා සිටිති. 071 3028139 දුරකතන අංකයෙන් විස්තර දැනගත හැකි ය.