Print this Article


ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන්ගෙන් අධිකරණ නා හිමිවරුන් වෙත කාරුණික ආරාධනාවක්

ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන්ගෙන් අධිකරණ නා හිමිවරුන් වෙත කාරුණික ආරාධනාවක්

මෙරට සියලුම නිකායන්, පාර්ශ්වයන්ට අයත් අධිකරණ නාහිමිවරු එකතු වී හැකිතාක් දුරට ශාසනය තුළ ධර්ම විනය පවත්වා ගැනීමේ සම්මුතියක් ඇතිකර ගැනීම පිණිස හමුවීමක් සහ සාකච්ඡාවක් පැවැත්වීමට අදහස් කොට ඇති බව ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියෝ පවසති. ධර්ම විනය සම්බන්ධයෙන් මතුවෙන ගැටලුවලදී සියලු භික්ෂු සංඝයා වෙත එය බලපවත්වන බවද කියති. මේ පිළිබඳව තොරතුරු දැන ගැනීමට පහත සඳහන් දුරකථන අංකයට අමතන ලෙස හෝ ලිපිනයට විස්තර දන්වන මෙන් ඉල්ලීමක් කෙරේ. වර්තමානයේ විවිධ පිරිස් විසින් ධර්ම විනයෙහි විවිධ අදහස් මතු කරමින් සිටින අවස්ථාවක මෙම ශාසනික දයාවෙන් ආරම්භ කරන වැඩ පිළිවෙලට එකතුවන මෙන්ද කාරුණිකව ඉල්ලීමක් කෙරේ. දුරකථන අංකය 011 286 2389

සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන, පන්නිපිටිය පාර, බත්තරමුල්ල ලිපිනය වේ.