Print this Article


සිරිපා නැමදීම අපගේ ජාතික සම්ප්‍රදායක්

සිරිපා නැමදීම අපගේ ජාතික සම්ප්‍රදායක්

ශ්‍රී පාදස්ථානය යනු මෙරට බෞද්ධ ජනතාවගේ මෙන් ම සියලු අන්‍යාගමික ජනයාගේ ද ගෞරවෝපහාරයට පත්වන බහු ආගමික සංහිඳියාවේ මහිමය පළකරන ලෝක පූජිත ශුද්ධස්ථානයකි. සියවස් ගණනාවක අතීතයේ පටන් ජල, වන, ගිරි, දුර්ග තරණය කොට ඉමහත් ශීත දේශගුණය හා නොයෙක් අන්තරායයන් නොතකා සමනොළ ගිරග නැඟ සිරිපා නැමදීම අපගේ ජාතික සම්ප්‍රදායක් ව පැවතිණි.

අපමණ බුද්ධාලම්භන පී‍්‍රතියෙන් හා සමන් දෙවියන් කෙරෙහි බැතියෙන් තුන් සරණේ කවි කියමින් සියල්ලෝ සාමකාමී ව සහයෝගයෙන් එදා මෙන් අද ද සමනොළ කරුණා කරති. දැනුදු පෙර සේ ම සිරිපා වන්දනාවේ දී බුදු ගුණ හදින් දරාගනිමින් සියලු පීඩාවන්ට ශාන්තිය පතමින් ගමන් ගන්නන්ගෙන් අඩුවක් නැත්තේ ය.

ඇතැම්හු ජීවිතයේ වරක් දෙවරක් නො ව අනේක වාරයක් සිරිපා හිමය තරණය කොට අත්දැකීම් ඇත්තෝ ය. මැදින් පොහොය යනු සිරිපා වන්දනාකරුවන්ගේ අසිරිමත් දිනයකි. සිරිපා අඩවිය බැතිමතුන්ගේ නාදයෙන් ඇලළෙන දිනයකි. එදිනට මුනි සිරිපා වන්දනාව පිළිබඳ විශේෂ ලිපි රැසකින් යුක්ත ව එළි දකින බුදුසරණ පුවත්පත පාඨකයනට මහත් අර්ථවත් හා ආශිර්වාදවත් ප්‍රකාශනයක් වනු ඇතැයි සඳහන් කරමි.