පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේදී පින්කම් මාලාවක් 
			
			 
			 
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ දී මෙම 8 සහ 9 දිනවලදී පිරිත් දේශනාවක් සහ සපිරිකර 
සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ.  
අමරපුර මහා නිකායේ මහානායක අපවත්වී වදාළ , වැලිගම ශ්‍රී සුමංගල මහා නාහිමියන්ගේ 
පිළිරුව නිරාවරණය 8 වනදා පෙරවරුවේ දී සිදු කෙරේ. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 
උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් 
එම පින්කම සිදු කෙරෙන අතර විදුහල්පති දිමුතු දෙරනාගොඩ මහතාගේ මෙහෙයවීමෙන් පින්කම් 
මාලාව පැවැත්වේ.   |