Print this Article


කළුබෝවිල හත්බෝධි විහාරස්ථානයේ ධර්ම දේශනා පින්කම හා ශ්‍රී උපනන්ද ගුණ සමරු පින්කම

කළුබෝවිල හත්බෝධි විහාරස්ථානයේ ධර්ම දේශනා පින්කම හා ශ්‍රී උපනන්ද ගුණ සමරු පින්කම

දෙහිවල, කළුබෝවිල හත්බෝධි විහාරාධිපතිව වැඩ විසූ කළුබෝවිල විමලසිරි මා හිමි තම ගුරු දේවයන් වහන්සේ වන කිරුළපනේ උපනන්ද මා හිමියන් වහන්සේට පින් අනුමෝදන් කිරීම පිණිස අටවිසි බුද්ධ පූජාව සහිත ධර්ම දේශනා පින්කම 1956 දී ආරම්භ කෙරිණි.

කළුබෝවිල විමලසිරි මා හිමියන්ගෙන් ආරම්භ වූ එම පින්කම නොකඩවා ශ්‍රී බෝධිරාජ කුළඟන සමිතිය මගින් පවත්වාගෙන එනු ලැබේ. ඒ අනුව මෙම වර්ෂයේත් අටවිසි බුද්ධ පූජාව සහිත ධර්ම දේශනා පින්කම් හා ශ්‍රී උපනන්ද ගුණානුස්මරණ පූජෝත්සවය පෙබරවාරි 27 දින ඇරඹුණු අතර මෙම මස 16 දින දක්වා පැවැත් වේ.

දිනපතා පිළිවෙළින් ධර්මදේශනා සඳහා කැලණියේ ශාසනවංශ හිමි, ගම්පහ පාසාදික හිමි, සියඹලාගොඩ ධම්මින්ද හිමි, වේරදූවේ මහින්ද හිමි, අලුත්ගම පඤ්ඤාසාර හිමි, හඟරංගල සුමේධ හිමි, බොරැල්ලේ අතුල නා හිමි, මාවරලේ භද්දිය හිමි, සෝමපුර සිරිසුධම්ම හිමි, පුහුල්වැල්ලේ සාරද හිමි, ලේනව මංගල හිමි, මාතර මහින්ද හිමි, පයාගල නිමල හිමි, තලල්ලේ චන්දකිත්ති හිමි, මීගොඩ සුඛිත හිමි, මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, වෙන්නවත්තේ රතනජෝති හිමි යන ස්වාමීන් වහන්සේලා වැඩම කරවති.