Print this Article


ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපසම්පදාවට අයදුම්පත් භාර ගැනේ

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපසම්පදාවට අයදුම්පත් භාර ගැනේ

ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 34 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය මැයි 11,12,13 යන දිනයන් හි දී මාතර කොටුවේගොඩ රන්දූපත ශ්‍රී රෝහණ මංගල උපෝසථාගාර මහා විහාරයේ දී පැවැත් වේ. ඊට පෙර සිදු කෙරෙන උපසම්පදා අපේක්ෂක සියලු සාමණේරයන් වහන්සේලා සඳහා වූ භික්ෂු ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ පුහුණු වැඩමුළුව මැයි 7,8,9 යන දිනයන් හි දී මාතර අනගාරික ධර්මපාල නගරයේ අශෝකාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ. උපසම්පදාව සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2019 අපේ‍්‍රල් 10 වැනිදා ය. අයදුම්පත් එදිනට හෝ ඊට පෙර ලැබෙන සේ ප්‍රධාන ලේඛකාධිකාරි ඕමාරේ කස්සප අනුනාහිමි, ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරය, සපුගොඩ, කඹුරුපිටිය යන ලිපිනයට එවිය යුතු වේ. පහත විහාරස්ථානවලින් උපසම්පදාපේක්ෂක අයදුම්පත් ලබාගත හැකි බවද කියයි. උපෝසථාගාර මහා විහාරය, රන්දූපත, කොටුවේගොඩ , මාතර. සිරි රතනජෝති පිරිවෙණ,ඌරාපොළ, තිහගොඩ සිත්තම්ගල්ලෙන රජමහා විහාරය , රම්මල, වරාපිටිය ශ්‍රී සුමනාරාමය, කොට්ටවගම , ගාල්ල රන්කොත්මළු රජමහා විහාරය,වගේගොඩ, තංගල්ල, ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරය , සපුගොඩ, කඹුරුපිටිය. මිහිඳු ආරණ්‍ය සේනාසනය, කුරන්දම්කුලම, අනුරාධපුරය. අශෝකාරාමය, අනගාරික ධර්මපාල නගරය, මාතර.

ඊට අමතරව සියලුම පළාත්වල ප්‍රධාන සංඝනායක , ද්විතීය සංඝනායක, පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා ද්විතීය අධිකරණ සංඝනායක, දිසාවේ ප්‍රධාන සංඝනායක ,ප්‍රධාන අධිකරණ සංඝනායක යන නාහිමිවරුන් ගෙන් ද අයදුම්පත් ලබා ගත හැකි බව ද කියයි.