Print this Article


පහන් සිතක කවි

මගේ පැතුම

තිලොවට තිලක මගෙ සම්බුදු පියාණෙනි
සිරිපා කමල්මත මහනෙල් මලක් වෙමි
ජීවිතයම පුදා සදහම් පිළිපදිමි
මහණදම මගේ බුදු සමිඳුගෙ නමිනි

මිස දිටු අසත්දන ඇසුරක් නොම වේවා
ගුණදම් රකින පින්බර දන හමු වේවා
සසරේ කරන ලද අකුසල් දුරු වේවා
නිරතුරු පාරමී දම්ගුණ සපිරේවා

****

නව දොරක් විය

ලෝකය දුටිමි එය බඹයක් පමණ විය
රාගය ද්වේශ මෝහය දුරු කර හැරිය
දෙතිසක කුණප පුරවා නව දොරක් විය
මිනිසත් බව ලැබගත් හැම මෙහෙම විය

වා පිත් සෙම් දොසින් නිතරම ලෙඩ දමන
න ෑ සැනසුමක් දිව රැහැම නිදි වරණ
ඒකත් මරණයකි මැරි මැරි උපදවන
මේකයි දහම හිමි සමිඳුන් කියාදෙන

****

බවුන් සිත

බවුන් සිත වඩන්නේ
ගුණ දහම් සිතන්නේ
රහත් මඟ දකින්නේ
ඒ උතුම් මඟ වඩින්නේ
කෝට්ටපිටියේ පඤ්ඤාසිරි හිමි

****

දහමින් බිඳක්

නිවන, නිවන කියනා මෙම අම නිවන
දවන සිත සිසිල් කර පවනැල් සැලෙන
දුවන සිත සමාධිය වෙත හුරු කරන
නිවන නිවන මයි දැක ගත හැක හෙවණ

****

පරපණ නොනසමු

බර කර ගසා පවුලක කුස පුරවන්න
උර හිස රිදෙන තුරු මහ බර උසුලන්න
ජරමර ඉවසමින් හැම බර ඇද දුන්න
ගෙරි මස් නොකනු මැන අපරාදේ ඔන්න

පරපණ නසා මස් අනුභව කරන්නෙපා
බෙර පද ගසා නරි නාටක නටන්නෙපා
දිරවන්නට බැරිව ලෙඩ දා ගන්න එපා
නිරයට යන්න වෙයි ගෙරි මස් කන්න එපා

****

අමාවතුර

අමාවතුර
ගලා හැලේ
ගස්වල මල්
පිපී නටයි
බුදු රුව ළඟ
මගෙ හදවත
සුවය සොයයි

****

දුම්වැටියයි මත්වතුරයි

මත් රකුසා පලවා හැර
දූ දරුවන් රැකගෙන
අත් වැල් බැඳ උදම් අනමු
අබිමානෙන් හැම දෙන