Print this Article


මනුෂ්‍යයා හඳුනාගන්න අපහසුයි නේද?

මනුෂ්‍යයා හඳුනාගන්න අපහසුයි නේද?

භාග්‍යවත් බුදුරජාණන් වහන්ස,ඔබ වහන්සේගේ ධර්මය පිළිබඳව සිතන්න සිතන්න දැනෙන සතුට හරි පුදුමයි. අඳුරට එළියක් ලැබෙන්නේ කොහොමද? මුනින් අතට හරවපු කළයකට කොපමණ වතුර පිරෙව්වත් ඒක පිරෙනවා ද? ඒ කළය හරි අතට හරවා වතුර පුරවනකොට නේද කළය පිරෙන්නේ. අන්න ඒ වගේ අපේ හිතත් පිරිසුදු කරගන්න ඕනෑ. සිත පිරිසුදුවෙන තරමටයි ධර්මය වුණත් වැටහෙන්නේ.

බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ කාටද? දේවදත්තට ධර්මය වටහා දෙන්න හැදුවා. ඒත් පුළුවන් වුණේ නැහැ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තවත් දේශනා කරන්න ගියාද? අභය බෝධි රාජකුමාරයා මතකද? අභය බෝධි රාජකුමාරයාගෙන් ඇහුවනේ බෝධිරාජකුමාරය, ඔබේ අතේ ඉන්න පුංචි දරුවා කෝටු කෑල්ලක් හිරකර ගත්තොත් ඔබ මොකද කරන්නේ. හෙමින් සැරේ දරුවාට නොරිදෙන්න හෙමින් හෙමින් එය ගන්න උත්සාහ කරනවද? එහෙම නැත්නම් දරුවා මේ විපතින් බේරගන්න පුළුවන් තරම් ඉක්මණින් දරුවා අඬද්දීම කලබල කරලා ගන්නවද? නැහැ.

ස්වාමීණි. පුළුවන් තරම් ඉක්මනට ඒ කෝටුව ඉවත් කරනවා.නැත්නම් දරුවාට රිදෙයි කියලා හෙමින් හෙමින් ඉවත් කළොත් දරුවාට විපතක් වෙනවා. අන්න ඒ වගේ තමන් නුවණින් කටයුතු කරන්න ඕනෑ. මේ ධර්මය වැටහෙන්නේ තම තමන්ගේ නුවණේ තරමටයි. මේ ධර්මයේ කිසිම තැනක අඩුවක් හෝ ඉවත් කරන්න කියා දෙයක් නැහැ.

දිනක් බුදුරජාණන් වහන්සේ ළඟට මාරයා ඇවිත් අහනවා ස්වාමීනී ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේට පුළුවන් නේද ඔබ වහන්සේගේ පිරිවරට මේ මහා කන්ද රත්තරං කන්දක් කර බෙදා දෙන්න. එහෙම නැත්නම් ගංගානම් නදියේ වතුර ඔසු පැන් කර බෙදා දෙන්න. එතකොට කාටවත් ලෙඩ හැදෙන්නේ නැහැ. මේ බුද්ධත්වයට වඩා ඔබ වහන්සේට සක්විති රජකම වටිනවානේ.

ඒත් වෙනස් උනේ නැහැ පින්වතුනේ.බුදුහාමුදුරුවන්ට නිතරම තුනටියේ අමාරුවක් තිබුණා. ඕනෑනම් බුදුහාමුදුරුවන්ට තිබුණානේ බුද්ධ ශක්තියෙන් ඒ තුනටියේ අමාරුව නැති කරගන්න. ඒත් එහෙම කළේ නැහැ. ආනන්ද මගේ මේ තුනටියේ අමාරුව දැක්කමත් ආනන්ද මේ පිරිසට සසර බය තේරෙයි. සසර දුක වැටහෙයි.

ඒ තුනටියේ අමාරුව හැදුණේ මොකද? එදා බෝධිසත්ව පෙරුම් පුරන සමයේ දරු දෙදෙනා දන් දීමේ වේලාවේ වෙස්සන්තර මහරජතුමා ජූජක බමුණා දරු දෙන්නට වද වේදනාදිදී ඇදගෙන යනවා දැකලා සිතට දුකක් අතිවෙලා නපුරු චේතනාවෙන් ඉනට අත තැබුවා.

කඩුව අතට ගන්න. අන්න ඒ පලවිපාකය තමයි බුදු වෙලත් තුනටියේ අමාරුව හැදුනේ. ඉතින් බලන්න සම්මා සම්බුදු වුණ උත්තමයාණන්ට එහෙම නම් අපිට කොහොම පල විපාක දෙයිද? අද සමාජය මොන තරම් විස ද. මිනිසා හඳුනා ගන්නේ කොහොමද? සතෙක් නම් අපි දන්නවා මේ සතා මේ විදියේ සතෙක්, ඒ නිසා පරෙස්සම් වෙන්න ඕනැ කියා. නයෙක් නම් පෙනේ පිප්පුවාම හඳුනාගන්න පුළුවන්. ඒත් මිනිසා හඳුන ගන්නේ කොහොමද?