Print this Article


පිණිකහනේ ශ්‍රී සද්ධාතිස්ස නා හිමි ගුණ සමරා පින්කමක් තණබද්දේගම දී

පිණිකහනේ ශ්‍රී සද්ධාතිස්ස නා හිමි ගුණ සමරා පින්කමක් තණබද්දේගම දී

තණබද්දේගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාර හා කහදණ්ඩාඇල ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය යන උභය මහා විහාරාධිපතිව වැඩසිටි අපවත්වී වදාළ ගාලු මාතර දෙදිසාවේ ද්විතීය අධිකරණ සංඝනායක ධර්ම කීර්ති ශ්‍රී රාහුල ධර්මානන්ද පිණිකහනේ ශ්‍රී සද්ධාතිස්ස නාහිමියන් අපවත්වී අට වසරක් පිරීම නිමිත්තෙන් මෙම 22/23/24 දිනවල පින්කම් මාලාවක් පැවැත්වීමට ශිෂ්‍ය පිරිස හා ප්‍රදේශවාසීහු කටයුතු සංවිධානය කර තිබිණි.

වත්මන් විහාරාධිපති පිණිකහනේ ශ්‍රී අනෝම නාහිමියන්ගේ අනුශාසනා පරිදි විශේෂ බෝධි පූජා, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා විසිපස් නමක් විෂයෙහි සඟසතු මහා දානමය පින්කමක් තණබද්දේගම ශ්‍රී සුභද්‍රාරාමයේ දී පැවැත්වේ.