Print this Article


රහතන්ගම නාගිත පොඩි හාමුදුරුවෝ

රහතන්ගම නාගිත පොඩි හාමුදුරුවෝ

මොණරාගල බුත්තල රහතන්ගම විසූ පැටි මහත්තයා හා ඒ.වනස්වතී දම්පතීන් ගේ පුත් රුවනක් ලෙස 1996 පෙබරවාරි 25 වන දින උපන් පුතනුවන් ප්‍රභාත් මදුසංඛ නම් විය. 2001 වර්ෂයේ මොණරාගල මහසෙන්ගම ප්‍රාථමික විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හදාරා 2004 වර්ෂයේ රත්නපුර ශ්‍රී ජයසුනන්දාරාම මූල මහා විහාරාධිපතිව වැඩ විසූ අහුලියද්දේ අතුල නා හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ 2005 නොවැම්බර් 05 වන දින දෙමව්පියන්ගේ අවසරය මත රත්නපුර ශී‍්‍ර ජයසුනන්දාරාම විහාරාධිපති අහුලියද්දේ අතුල නා හිමියන්ගේ ආචාරත්වයෙන් රහතන්ගම නාගිත හිමි නමින් පැවිදි බිමට පත්විය.

අනතුරුව පිරිවෙන් අධ්‍යාපනය හැදෑරීම සඳහා තිරිවානකැටිය ශ්‍රී විද්‍යාඥාන පිරිවෙනේ අධ්‍යාපනය ලබා හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයට ඇතුළත් විය.

මේ වන විට නාගිත පොඩි හාමුදුරුවන් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය හදාරමින් සිටිති. නාගිත පොඩි හාමුදුරුවන්ගේ 23 වන ජන්ම දිනය නිමිත්තෙන් පෙබරවාරි 25 වන දින කඳන පුරාණ විහාරස්ථානයේ දවල් සංඝගත දක්ෂිණාව සමඟින් පින්කම් රාශියක් පැවැත්වේ.