Print this Article


තායිලන්ත නව රජුට ශ්‍රී මහා බෝධි අංකුරයක් පිරිනැමේ

තායිලන්ත නව රජුට ශ්‍රී මහා බෝධි අංකුරයක් පිරිනැමේ

තායිලන්ත රාජ්‍යයට අභිනවයෙන් පත්වන රජුගේ රාජාභිෂේක මෞලි මංගල්‍යය එළැඹෙන මැයි මස දී පැවැත්වීමට නියමිත ය. රාජාභිෂේකය ලබන නව රජුට මෙරට ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුභාශිංසනය සමඟ උතුම් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාවක් තිළිණ කිරීමට කටයුතු යොදා ඇත.

එම ශ්‍රී මහා බෝධි ශාඛාව එළැඹෙන 19 වැනි දා බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් අභිනව තායිලන්ත රජු වෙත පිළිගැන්වීමට නියමිත අතර තායිලන්තයේ අයෝධ්‍යා නුවර වජිරධර්මාරාම විහාරස්ථානයේ රෝපණය කිරීමට ද කටයුතු යොදා ඇත.

තායිලන්තයේ රාජ්‍යත්‍රාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ථෙරවාදී බුදුදහම සුරක්ෂිත කිරීම උදෙසා ශ්‍රී ලංකා රජය ගනු ලැබූ සුවිශේෂී ක්‍රියාවක් ලෙස මෙය පෙන්වා දිය හැකි යි. අභිසෙස් ලබන නව තායිලන්ත රජුට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලැබෙන පළමු තිළිණය ද මෙය වේ.