Print this Article


මෙඩේරිගම නන්දාරාම හිමියෝ නායක පදවි ලබති

මෙඩේරිගම නන්දාරාම හිමියෝ නායක පදවි ලබති

 

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක මාහිමියන් ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව මගින් ශී‍්‍ර සද්ධර්මවාගීශ්වර ධම්මානන්දාභිධාන ගෞරව නාමය සහිත කොළඹ සල්පිටිකෝරළයේ මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක පදවිය මඩපාත ශ්‍රී ශෛලතලාරාමාධිපති මෙඩේරිගම නන්දාරාම හිමියන් වෙත පිරිනමා ඇත.

ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය පෙබරවාරි 22 වැනි දා පස්වරු 2.00 ට මල්වතු මහා විහාරස්ථ ඓතිහාසික මංගල උපෝසථාගාරයේදී සිදු කෙරේ. 23 වන දා පස්වරු 5.30 ට පරිත්‍රාණ ධර්ම දේශනාවක් ශී‍්‍ර ශෛලතලාරාම පුරාණ විහාරයේදී පැවැත්වේ. ත්‍රිකුණාමලේ ආනන්ද මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන අතර අභිනව නාහිමියන්ට ප්‍රථම ප්‍රසාද පූජාව නාහිමියන්ගේ දයාබර මෑණියන් වන ජී.බී. ඩිංගිරි මැණිකේ මාතාව විසින් සිදු කරනු ලැබේ.