Print this Article


ගිරාඹේ ආනන්ද අනු නා හිමි සමරුවට සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ දී පින්කම්

ගිරාඹේ ආනන්ද අනු නා හිමි සමරුවට

සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ දී පින්කම්

අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද අනු නා හිමියන් අපවත් වී වර්ෂ පූර්ණ පින්කම මෙම මස 19 සහ 20 දිනවලදී ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වේ. ඒ නිමිත්තෙන් 19 වන දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ 20 වන දා 200 නමක් මහ සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ.