Print this Article


දරණාගම කුසලධම්ම හිමි ගුණ සමරු පින්කම සහ මහ බෝ මහ සෑ වන්දනා පින්කමක්

දරණාගම කුසලධම්ම හිමි ගුණ සමරු පින්කම සහ මහ බෝ මහ සෑ වන්දනා පින්කමක්

බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වී වර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම මහ බෝ මහ සෑ වන්දනා පින්කම මාර්තු මස 02, 03 දිනවලදී අනුරාධපුර අටමස්ථාන පුණ්‍ය භූමියේ දී පැවැත්වේ.

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමි, ශ්‍රී සම්බෝධි විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ පූජ්‍ය පියදස්සි නා හිමි, පූජ්‍ය පානදුරේ අරියධම්ම මාහිමියන් වෙත පුණ්‍යානුමෝදනා කිරීම ද ලක්වැසි සැමට ආශීර්වාද පැතීම ද අරමුණෙන් එම පින්කම් මාලාව බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති ශ්‍රී සම්බෝධි විහාරාධිපති බොරලන්දේ වජිරඤාණ හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී සම්බෝධි විහාරය සහ බෞද්ධයා මාධ්‍ය ජාලය මගින් එම පින්කම් මාලාව සංවිධානය කර ඇත.

මාර්තු 01 වන දා සධාතුක කරඬු වහන්සේ වඩා හිඳුවා දැවයෙන් නිර්මාණය කර ඇති ධාතු මන්දිර 55 රිය පෙරහරකින් සම්බෝධි විහාරයේ සිට අනුරාධපුර පූජා භූමිය දක්වා වැඩම කෙරේ. මාර්තු 02 වන දා අටමස්ථානයට අයත් සෑ රදුන් වහන්සේලා උදෙසා කංචුක පූජාව පස්වරු 3 ට පැවැත්වේ. පස්වරු 4 ට ථූපාරාමයේ සිට රුවන්වැලි මහා සෑය දක්වා සධාතුක කරඬු වහන්සේලා 55 සහ 1008 කින් යුත් ඖෂධ සම්බුද්ධ පූජාව පෙරහරෙන් පිටත්ව පස්වරු 5 ට රුවන්වැලි මහ සෑ රදුන් අබියස දී එම සධාතුක කරඬු වහන්සේලා ධාතු මන්දිර 55 තුළ තැන්පත් කිරීම සිදු කෙරේ. පස්වරු 5.45 ගුවනින් මල් පූජාව ද, පස්වරු 6 විදුලි ආලෝක පූජාව සිදු කෙරෙන අතර සීල සමාදානය, අධිෂ්ඨාන පූජාව සහ වන්දනාව ඔලබොඩුවේ ධම්මික හිමියන් විසින් මෙහෙයවනු ලැබේ. රාත්‍රී 8.30 භාවනා වැඩසටහන සහ විශේෂ දම් සභා මණ්ඩපය කහගොල්ලේ සෝමවංශ හිමියන් සහ පාතකඩ සුමනතිස්ස හිමියන් මෙහෙයවනු ලැබේ. රාත්‍රී 10.30 ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ දහම් දෙසුම ද, රාත්‍රී 12.30 සිට මහා සමය සූත්‍ර දේශනාව සහ අධිෂ්ඨාන පූජාව ඔලගන්වත්තේ චන්දසිරි හිමියන් විසින් ද අලුයම 1.45 – 3 දක්වා කන්දෙකුඹුරේ රාධ හිමියන් පවත්වන අසිරිමත් බුදුගුණ දේශනාවද පැවැත්වේ. අලුයම 3 – 4.30 දම් දෙසුම ගම්පහ මහානාම හිමි,5.30 – 6.30 ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියසදී අසිරිමත් මහ බෝධි වන්දනාව මොරවක සෝරත හිමි 6.30 – 7.30 අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ භික්ෂූන් වහන්සේලා උදෙසා හීල දානය, පෙරවරු 7.30 – 8.30 රුවන්වැලි මහා සෑ රදුන් අබියසදී දම් දෙසුම කැලණියේ අජිත හිමි, 8.30 – 10.00 නිවන් මග ධර්ම සාකච්ඡාව උඩුදුම්බර කාශ්‍යප හිමි, උඩුදුම්බර සෝභිත හිමි, 10.00 ථූපාරාමයේ සිට රුවන්වැලි මහ සෑය දක්වා සම්බුද්ධ පූජා පෙරහර 10.30 දවල් සම්බුද්ධ පූජාව දික්වැල්ලේ උපතිස්ස හිමි, පෙරවරු 10.45 අනුරාධපුර මහා විහාර ශාලාවේ දී දහස් නමක් මහ සඟරුවන උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාව පැවැත්වේ. තෝරාගත් විහාරස්ථාන 55 ක් සඳහා සධාතුක කරඬු වහන්සේලා තැන්පත් ධාතු මන්දිර 55 පූජා කිරීම සිදු කෙරේ.

එම මහ බෝ මහ සෑ වන්දනා පුණ්‍ය මහෝත්සවය සඳහා මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන මහා නාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නාහිමි, අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි, පල්ලේගම හේමරතන නාහිමි ඇතුළු මහ සඟරුවන සහභාගිවීමට නියමිත ය.