Print this Article


කොළඹ නවම් මහා පෙරහර පෙබරවාරි 18 සහ 19 රාත්‍රී 7 ට

කොළඹ නවම් මහා පෙරහර පෙබරවාරි 18 සහ 19 රාත්‍රී 7 ට

කොළඹ නවම් මහා පෙරහර 2019 පෙබරවාරි 18 සහ 19 රාත්‍රී 7 ට (සියලු ජාතීන්, ආගමිකයින් එකට එක්ව නරඹන) පැවැත්වීමට කටයුතු යොදා ඇත. කොළඹ නවම් මහා පෙරහර සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර චෙක්පත් හෝ මනිඕඩර් මඟින් “ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලය කාරක සභාව“ නමට ලියා රේඛනය කර එවන ලෙසත්, මනිඕඩර් සඳහා තැපැල් කාර්යාලය කොල්ලුපිටිය ලෙස සඳහන් කර යැවිය යුතු ලෙසත් දන්වා සිටිති. සංචාරක ව්‍යාපාර කරන අයට, විදේශිකයන් සඳහා ආසන පහසුකම් සලසාදිය හැකි අතර ශ්‍රී ලාංකික සැමට ආසන නොමිලයේ. ගංගාරාමය, 61, ශ්‍රී ජිනරතන පාර කොළඹ 02 ලිපිනය වන අතර 2327084, 2435169 දුරකතන අංක වේ. ෆැක්ස් අංකය 2439508 වේ.