Print this Article


සචේතනික අචේතනික කර්මයේ බලපෑම

සචේතනික අචේතනික කර්මයේ බලපෑම

" මහරජ බොරු කී කල සතර දිග රැක ගෙන සිටින දෙවියෝ පලා යන්නාහ. මෙලොව පරලොව දෙකින් ම අවැඩ පැමිණියේ ය. පුරෝහිත තාපස කී දෙය නොපිළිගත්තේ ය. අහසට නැගීමට තරම් හැකියාවක් තිබූ චේතිය මහ රජතුමා ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීමේ පාපයට මහ පොළොව පළාගෙන අවීචියට ගියේ ය. එවිට තාපසයෝ කියන්නාහු මහරජු එකපිට කී බොරුවෙන් රැකවල සිටි දෙවියන් පලාගිය නියාව දුටුවාවේද? දෙවැනි බිම වැටී හුදුව මුඛයෙන් හමන මහනෙල් සුවඳ නැතිව දුර්ගන්ධය හමන්නට වන, සඳුන් සුවඳ හමන්නා වූ ශරීරයෙන් අසූචි ගන්ධය හමන්නට විය."

පුද්ගලයකුගේ හීන ප්‍රණීත බව සඳහා කර්මය හේතුවන බව බුදුරජාණන් වහන්සේ සුභ සූත්‍රයේ දී වදාළහ.

“කම්ම” යන පාලි වචනයට සිංහල තේරුම් කිහිපයක් ම ඇත. ක්‍රියාවට කම්ම යැයි කියනු ලැබේ. අයහපත් ක්‍රියාවක විපාක ලබන විටත් කර්මයයි කියයි. පුද්ගලයා තුළ ක්‍රියාවේ විපාකය පෙරළා ලබන අතීත කර්මයක් ද විය හැකි ය. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම යනුවෙන් කර්මය තෙවැදෑරුම් ය. කර්මයක් කර්ම විෂයක් වීම සඳහා සංචේතනික බව වැදගත් වන අතර ම පුද්ගලයා කරන සෑම කර්මයක් ම සචේතනික වන්නේ ද නැත. සචේතනිකත්වයෙන් තොර කර්ම ක්‍රියාවක් වුව ද විපාක ලබන්නේ නැත. සචේතනික බවෙන් තොරවීම එයට හේතුව වෙයි.

මිනිසාට දර්ශනය අවශ්‍ය වන්නේ බුද්ධිය අනුව සමාජය දැකීමට ය. ආගමක අවශ්‍යතාව ඇති වන්නේ මිනිසාගේ සිත් සතන් තුළ පවතින බිය හා ගෞරවය ප්‍රකාශ කිරීම සඳහා ය. දෛනිකව මිනිසාට ඇතිවන මානසික අසහනය හා අවමානසිකත්වය දුරු කර ගැනීමට ය.

පුද්ගලයා හීන ප්‍රණීත බව තීරණය කිරීම සඳහා කර්මය බලපාන බව ප්‍රකාශ කළ විට සියල්ල ම කර්මයෙන් සිදුවන බව කියවෙන්නේ නැත. සිදුවීමට යන කර්ම අයහපත් එකක් නම්, එය වළක්වා ගැනීමට උත්සාහ කළ යුතු ය. උත්සාහ කර තිබියදීත් එය වළක්වා ගැනීමට නොහැකි වූ සිදුවීමක් නම්, එම සිදුවීම අවසන් වූ පසු එය තමා විසින් සිදුකළ පෙර කර්මයක් නිසා සිදුවුණා යැයි කල්පනා කිරීම මානසික සංරක්ෂණ ප්‍රයෝගයකි. යමෙකුගේ කර්මය බලවත් වූ විට අවබෝධපූර්වක උපදේශකයකු ලබා දෙන උපදේශයක් හෝ පිළිනොගෙනම සිදුකරනු ලබන ක්‍රියාවෙන් දුකට පත්වෙයි. අවබෝධ පූර්වක උපදේශකයකු ලබාදෙන අර්ථවත් උපදෙස් පවා පිළිගැනීමට මැළිවන්නේ ද ඔහුගේ කර්මය නිසා ය. චේතිය රජතුමාගේ කතාවෙන් ද ඒ ස්වභාවය පැහැදිලි කරගත හැකි ය. උපචාර නම් මහ රජුගේ පුත්‍ර වූ චේතිය කුමරා පියාගේ ඇවෑමෙන් රජකමට පත්විය. චේතිය රජතුමා රාජ්‍ය පාලනයේ පහසුව සඳහා ද, විනෝදාංශය, සඳහා ද බොරු කීමට පටන් ගත්තේ ය. අසත්‍ය ප්‍රකාශ කරමින් රටවැසියා නොමග යැවී ය. තමාගේ රටවැසියාට අමූලික බේගල් ඇද බාමින් ජනතාව රැවටෙන විට චේතිය මහරජු අසීමිත පී‍්‍රතියක් ලැබී ය. රාජ්‍ය පාලනයේ දුර්වලතාව හේතුකොට ජනතාව කැරලි ගසන අවස්ථාවන්හි දී තමාට විරුද්ධව බොරු පිරිසක් ද තමාගේ පාලනයට එරෙහි වන්නන් ලෙස රජු විසින් කැරලි ගස්වනු ලැබීය. චේතිය මහ රජු බොහෝ අවස්ථාවලදී සජීවීව පෙනී සිටිමින් බොරු කියා ජනතාව රැවටීම නිසා රජතුමා බොරු කියන්නේය යන අදහස ජනතාව තුළ ක්‍රමයෙන් ප්‍රචාරය විය.

ඒ බව අවබෝධ කරගත් ජනතාව අසත්‍ය ප්‍රකාශවලට රැවටෙන්නේ නැතිව, අසත්‍ය ප්‍රකාශ සිදුකරන ආකාරය නැරඹීම සඳහා පැමිණෙන්නට වූහ. චේතිය රජු නුවරට පැමිණෙන විට රජතුමා වටකරමින් ජනතාව රොද බැඳෙන්නට වූහ. ඇතැම් පුද්ගලයෝ ප්‍රදේශය අවට මැසි බැඳගෙන ද ගස් ගල් උඩ නැගගෙන ද මහ රජතුමා බොරු කියන ආකාරය නැරඹීමට රැස් වෙති. රජතුමාගේ රජකතාව ඇසීමට මෙසේ ජනතාව රැස්වන බවට රජතුමා කල්පනා කළේ ය. රජතුමා ද අඛණ්ඩව බොරුවෙන්, බොරුව ගොතමින් මනාසේ ගැළපෙන සේ බොරුවක් නොවන ආකාරයට ප්‍රකාශ කරයි. රජතුමා ප්‍රකාශ කරන බොරු ඇසීමට ජනතාව රැස්වන බව රජතුමා ද නොදනියි. අත්පොළසන් දෙමින්, ඔල්වරසන් දෙමින් මිනිසුන් බොරු අසා සිටින විට ජනතාව රැවටී ඇති බවට රජතුමා කල්පනා කරයි. මිනිසුන් මෙසේ ප්‍රතිචාර දක්වන්නේ හැබෑවට ම බව සිතයි.

දිනක් පුරෝහිත තාපස චේතිය රජුට එහි ආදීනවය පැහැදිලි කළේ ය. මහරජ බොරු කී කල සතර දිග රැක ගෙන සිටින දෙවියෝ පලා යන්නාහ. මෙලොව පරලොව දෙකින් ම අවැඩ පැමිණියේ ය. පුරෝහිත තාපස කී දෙය නොපිළිගත්තේ ය. අහසට නැගීමට තරම් හැකියාවක් තිබූ චේතිය මහ රජතුමා ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීමේ පාපයට මහ පොළොව පළාගෙන අවීචියට ගියේ ය. එවිට තාපසයෝ කියන්නාහු මහරජු එකපිට කී බොරුවෙන් රැකවල සිටි දෙවියන් පලාගිය නියාව දුටුවාවේද? දෙවැනි බිම වැටී හුදුව මුඛයෙන් හමන මහනෙල් සුවඳ නැතිව දුර්ගන්ධය හමන්නට වන, සඳුන් සුවඳ හමන්නා වූ ශරීරයෙන් අසූචි ගන්ධය හමන්නට වූහ. මේ දැකත් තොපට තොපගේ වරද වැටහුනේ නැත. සත්‍ය වචනයේ සිදුව බොරු කියා අවීචියට නොයව. පෙර සේම රාජ්‍යශි‍්‍රයෙහි පිහිටිය මැනව කීහ. එහෙත් එය නොපිළිගනිමින්, පුරුද්දට රට වැසියා මුලා කරමින් බොරු කී චේතිය රජ්ජුරුවෝ පොළොව පලාගෙන අවීචියට ගත්හ.