Print this Article


පිහිට පතයි

පිහිට පතයි

මහරගම 168/2, දෙහිවල පාරේ පදිංචි දමිත් පි‍්‍රයංකර නමැති 44 හැවිරිදි තිදරු පියාට ඉතා ඉක්මණින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇති අතර “බී පොසිටිව්” හෝ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වෙතොත් පහත දුරකථන අංක අමතන ලෙස ඉල්ලීමක් කෙරේ. 0777 388143, 0113098096 දුරකථන අංක වේ.

****

මොනරාගල මහගංගොඩ, කොලොන්වින්න, ගලබැද්ද පදිංචි ඩී.එම්.ටී. චාමලි (වයස අවු. 06) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඇයට වකුගඩුවක් බද්ධ කළයුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. එම දියණියගේ මවගේ වකුගඩුව ඇයට ලබාදීමට තීරණය කොට ඇති අතර පියා ගොවිතැන් කටයුතුවල නියැළෙන අතර ඔහු ද අංශභාග රෝගයෙන් පෙළෙන බව ද කියයි. දියණියගේ ඖෂධ ඇතුළු වියදම සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර බලාපොරොත්තු වේ. හැටන් නැෂනල් බැංකුව - මොනරාගල, ගිණුම් අංකය, 053020260365 වේ. දුරකථන අංකය – 077 9362769 වේ.

ඉන්ද්‍රාණි තෝරදෙනිය.

****

මීගොඩ ඕවිටිගම අංක 279/1 හි පදිංචි බී.ඒ.මධුරාවතී මහත්මිය 58 වන වියෙහි පසුවන අතර ඇය වකුගඩු රෝගයෙන් පෙළෙන හෙයින් බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලියෙකුගෙන් අපේක්ෂා කෙරේ. හෝමාගම පෑන් ඒෂියා බැංකුවේ 207614013776 ගිණුමට ආධාර කළ හැකිබවත් 0710747469 දුරකතන අංකයෙන් වැඩි විස්තර දැනගත හැකි බව ද කියයි.

****

54 වන වියෙහි පසුවන වකුගඩු රෝගියෙකු සඳහා “ඕ පොසිටිව්” හෝ “ඕ වර්ගයේ” වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් පහත දුරකතන අංකය වෙත දන්වන්නැයි කාරුණික ඉල්ලීමක් කෙරේ. 0777496602