Print this Article


අමුගොඩ සෝමානන්ද නා හිමියන්ට දිගාසිරි පතා පින්කම් රැසක්

අමුගොඩ සෝමානන්ද නා හිමියන්ට දිගාසිරි පතා පින්කම් රැසක්

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, අමුගොඩ ජයසුමනාරාම පුරාණ විහාරාධිකාරී ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ මහා ලේඛකාධිකාරී, සාහිත්‍යශූරී අමුගොඩ සෝමානන්ද නාහිමිපාණන් වහන්සේගේ 65 වැනි ජන්ම දිනය පෙබරවාරි මස 08 වැනි දිනට යෙදී ඇත. උන්වහන්සේට දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරමින් පෙබරවාරි 08 වැනි දා, දවස පුරා පින්කම් රැසක් පැවැත්වීමට, අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරස්ථ දායක සභාව, මෙත්තා උපාසක, උපාසිකා සමිතිය ඇතුළු සමිති සමාගම් කටයුතු යොදා ඇත. එදින පෙරවරු 9.00 ට අසරණ රෝගීන් සඳහා ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහන ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනම හා අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩලය සමඟ ඒකාබද්ධව පවත්වන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුව ද පෙරවරු 9.00 සිට 10.30 දක්වා අමුගොඩ මහා විද්‍යාලය, 12.00 සිට 1.30 දක්වා ඉඳිපලේගොඩ මහා විද්‍යාලය, 11.00 නාහිමියන්ට දිගාසිරි පතා පැවැත්වෙන බත් දන්සල ද, පස්වරු 3.30 ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා මහෝපාධ්‍යාය, ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ උත්තරීතර අනුශාසක, කම්මට්ඨානාචාර්ය දොඩම්පහල චන්දසිරි මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දහම් හමුවක් පැවැත්වේ.