Print this Article


රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනුනාහිමි 25 වන ගුණසමරු උත්සවය 08 වන දා

රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනුනාහිමි 25 වන ගුණසමරු උත්සවය 08 වන දා

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝසභාවේ අනුනායක, අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති, කිරුළපණ ශ්‍රී පූර්වාරාමය ඇතුලු විහාර ගණයෙහි අධිපති රාජකීය පණ්ඩිත, විද්‍යා විශාරද ශාස්ත්‍රපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනු නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් වසර 25 ක් සම්පූර්ණ වීම සහ කිරුළපණ ශ්‍රී පූර්වාරාම විහාරස්ථ ශ්‍රී පඤ්ඤාලෝක ධර්ම නිකේතන පිරිවෙණේ ආදි කර්තෘ දිනය හා ත්‍යාග ප්‍රදානෝත්සවය පෙබරවාරි 08 වැනි සිකුරාදා පස්වරු 2.30 ට පැවැත්වේ. එම උත්සව මහා සභාවේ මුලසුන ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්ධර වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහ නා හිමියෝ උසුලති. අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, ආණමඩුවේ ධම්ම දස්ස්‍යාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍රධර්ම මහා සංඝසභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියන් ඇතුලු ගිහි පැවිදි උතුමන් ඊට සහභාගි වන බව පත්බේරියේ විමලඤාණ නාහිමියෝ දන්වා සිටිති.