Print this Article


සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක, අමාවක, පුර පසළොස්වක, අව අටවක බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.

****

ඡත්ත මානවක

සේතව්‍ය නුවර ඡත්තනම් බමුණු තරුණයෙක් විය. උක්කට්ඨානුවර පොක්ඛරසාති බමුණාගෙන් ශිල්ප හදාරා ගුරු පඬුරු පිණිස කහවනු දහසක් ගෙන නිවසේ සිට යන අතරමඟ සොර මුලක් විසින් මේ තරුණයාට පහර දී මුදල් ලබා ගන්නා බව දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ අතරමඟට වැඩම කොට ගසක් මුල වැඩ සිටියහ. ඡත්ත මානවකගෙන් තොරතුරු විමසා බුදුරදුන් ඔහු තිසරණ සහිත පන්සිල්හි පිහිටුවා ගාථා පෙළක් (ඡත්ත මානවක ගාථා) දේශනා කළහ. මේ ගාථා සිහිකරමින් ගමන්කරන ඔහුට සොරකල්ලිය පහර දී මරා මුදල් පැහැර ගත්හ. ඡත්ත මානවක මියගොස් දෙව්ලොව උපන්නේ ය. ඥාතීන් අවසන් කටයුතු කරන ස්ථානයට පැමිණි ඒ දෙව්පුත් දෙව්ලොව උපන් බව සඳහන් කළේ ය. එතැනට වැඩම කළ බුදුරජාණන් වහන්සේ දහම් දෙසූහ. එම ධර්මය අසා ඡත්ත මානවක දෙව්පුත් ඇතුළු බොහෝදෙනා මාර්ගඵල ලබා ගත්හ.

****

ධම්ම පදයෙන් බිඳක්

මෙලොව බිහි වූ උත්තරීතර අසහාය මහා කාරුණිකයාණන් වූ අපගේ ශාස්තෘන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලේ දෙසූ ශ්‍රී ධර්මස්කන්ධයේ සාරය ධම්මපදය ලෙස හැඳින්වීමට හැක. ගාථා 423 කින් යුත් බෞද්ධයාගේ අත්පොත ලෙස හඳුන්වන වූ ධම්ම පදයේ සරල, සුගම මට්ටමේ සිට සංකීර්ණ, ගැඹුරු දහම් කරුණු අඩංගු ය. මේ ග්‍රන්ථයේ අඩංගු ගාථාර්ථ තම ජීවිතයට සමීපකර ගන්නේ නම් මිනිස් ජීවිත අඳුරෙන් ආලෝකයටත්, ආලෝකයෙන් ආලෝකයටත් ප්‍රවිශ්ඨ වේ.

නතං කම්මං කතං සාධු - යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛෝ රෝදං - විපාකං පටිසේවති
(බාල වග්ගය)

මේ ගාථාවෙන් පැවසෙන්නේ යම් ක්‍රියාවක් කිරීමෙන් පසුතැවෙන්නට සිදුවේ ද එහි විපාකය කඳුළු පිරි මුහුණින්, අඬමින් විඳින්නට වේ ද, එබඳු ක්‍රියාවන් නොකිරීම යහපත් බව ය. එනම් අකුසල නොකිරීම යහපත් බව ය.

තං ච කම්මං කතං සාධු -යං කත්වා නානු තප්පති
යස්ස පතීතෝ සුමනෝ - විපාකං පටිසේවති
(බාල වග්ගය)

යමක් කිරීමෙන් පසු තැවෙන්නට සිදු නොවේද, යමක විපාකය පී‍්‍රතියෙන් හා සොම්නසින් යුතුව විඳිය හැකි වේද, එබඳු ක්‍රියාවල එනම්, කුසල කර්මවල නිරත විය යුතු බව මේ ගාථාවෙන් අර්ථ ගන්වයි.

පළමු ගාථාවෙන් දුකට පත්වන අකුසල නොකරන ලෙසද, දෙවන ගාථාවෙන් සතුට දනවන කුසල් කළ යුතු බව ද යන කාරණා දෙක අප ජීවිත වෙත එකතුකර ගැනීමෙන් මෙලොව, පරලොව දෙලොව සුගතිය ම සැලසේ.

****

මගෙ ආදර අම්මා

දස මාසයක් කුසෙහි දරා මා හැදු මගෙ අම්මේ
රතු ලේ සුදු කිරට පෙරා ජීවය දුන් අම්මේ
නිවසේ සියලු යහපත ඉටු කරලන මගෙ අම්මේ
සතර වරම් දෙවි පිහිටයි මගෙ ආදර අම්මේ

ගින්නෙන් දැවුණු කතරට දිය බිඳක් ලෙසිනි අම්මා
අන්ධකාර ලෝ්කෙට මුදු එළියක් වු අම්මා
තරු නැති අහසට සඳකි මගෙ ආදර අම්මා
සදා වඳිමි සදා වඳිමි මගෙ ආදර අම්මා

ලේ කිරි කර පොවා මා හැදූ දිනේ පටන්
රස කර බිව්වෙ ඔබ තුරුලේ සුව විඳිමින්
කිසිවක් නොකියා සිටියා මා දෙනෙත පියන්
ලොව නැත කිසිම වෙන සුවයක් ඔබම මිසක්

****

දහම් පාසල

දහම් පාසල යනු දරුවන්ට බොහෝ වැදගත් ස්ථානයකි. එයට හේතුව දහම් පාසල අපට ගුණධර්ම සිරිත් විරිත් උගන්වන නිසා ය. දහම් පාසල මඟින් දූ දරුවන් වන අපට මෙන් ම වැඩිහිටියන්ට ද බොහෝ සේවයක් කරයි. දරුවන්ගේ ගුණ ධර්ම දියුණු කිරීමට ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා දහම් පාසල් ආරම්භ කළේ ය. දහම් දැනුමෙන් අපගේ ජීවිත සුපෝෂිත වේවා!

****

බොදු දරුවෝ

****

සතුන්ට සලකමු