Print this Article


සිරිපා අනුරුව වැඩම කෙරේ

සිරිපා අනුරුව වැඩම කෙරේ


පුෂ්පාරාමාධිපති හිමියන් විසින් සිරිපා අනුරුව පිළිගත් අයුරු

තලාතුඔය විශ්ව සාම පදනම මගින් වාර්ෂිකව සිදුකරනු ලබන මුනි සිරිපා අනුරුවක් විහාරස්ථානයක තැන්පත් කිරීමේ පින්කම මෙවර ද සිදුකරන ලදී. ඉකුත් දා එම සිරිපා අනුරුව රැගත් රිය පෙරහර ඓතිහාසික පස්ගම ශ්‍රී නාථ දේවාල භූමියෙන් ගමන් ආරම්භ කළ අතර බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවන මහතා විසින් සිරිපා අනුරුවට පූජෝපහාර පවත්වන ලදී. එදින හවස් භාගයේ හලාවත මුන්නේස්වරම ශ්‍රී පුෂ්පාරාමය වෙත ළඟා වූ පෙරහර පසුදින ( 16) සිරිපා අනුරුව එම විහාරස්ථානයේ තැන්පත් කරන ලදී. විශ්ව සාම පදනමේ සභාපති ර.මු.සරත් රන්වල මහතා විසින් එම පින්කම සංවිධානය කරන ලදී.