Print this Article


බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කෙරේ

බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කෙරේ

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනු නා හිමියන්ගේ ආරාධනයෙන් කැලණිය රජමහ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් මුරුතලාව දොඩම්වල ගැරැප්පිටිය පුරාණ විහාරයේ අභිනව දෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ල සම්භාවනීය ගිහි පැවිදි අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා විවෘත කරන ලදී. දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමියන්ගේ හා කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ සහභාගිත්වයෙන් එම පුණ්‍යොත්සවය පවත්වන ලදී. ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිල ඇඳුම් පරිත්‍යාග කිරීමද එම උත්සවයට සමගාමීව සිදු කෙරිණි.