Print this Article


මිහින්තලේ කප්රුක් පූජා පින්කමෙන්

මිහින්තලේ කප්රුක් පූජා පින්කමෙන්

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජාව සමඟ මෙවර ගිරිභණ්ඩ පූජාවක් ද මිහින්තලා රජ මහා විහාර පුදබිමේ දී දුරුතු (20) පෝදා පැවැත්විණ. මහාදාඨික මහානාග රජුගෙන් පසුව මිහින්තලා ගිරිභණ්ඩ සෑරදුන් වෙත සිදු කෙරුණ ප්‍රථම ගිරිභණ්ඩ පූජාව මෙය වීම ද විශේෂත්වයකි.මිහින්තලා රජ මහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම සිදු කළේය. මෙවර පින්කමේ ප්‍රධාන දායකත්වය ඉබ්බාගමුව නැලව පුරාණ පොත්ගුල් විහාරාධිපති හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක උඩකැන්දවල චන්දවිමල නා හිමියන් ප්‍රධාන දායක පිරිස විසිනි.

පොහෝදා පස්වරුවේ මිහින්තලා නගරයේ සිට කප්රුක් රැගත් පෙරහර ආරම්භ කෙරිණ. එදින කප්රුක් පූජා තුනක් පූජා කළ අතර මිහින්තලා මහා සෑ රදුන් වෙත කප්රුක් පූජාව අනුරාධපුර පණ්ඩුකාභයපුර දායක පිරිස විසින් සිදු කරනු ලැබූහ.සේල සෑ රදුන් වහන්සේ වෙත කප්රුක් පූජාව ගලේවෙල පහළවැව ශ්‍රී ජයබෝධි විහාරස්ථ දායක පිරිස විසින් සිදු කළ අතර ගිරිභණ්ඩ සෑරදුන් වෙත කප්රුක් පූජාව පණ්ඩුකාභයපුර සුචරිත දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය විසින් සිදු කරනු ලැබිණ.මෙම අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ සුභසාධක කළමණාකාර සමින්ද විජේතුංග, ලේක්හවුස් බෞද්ධ සංගමයේ ලේකම් ප්‍රියන්ත කුමුදුසිරි යන මහත්වරු ඇතුළු නිලධාරින් රැසක් එක්ව සිටියහ.