Print this Article


මෙත්මුනි මහා පුණ්‍ය මංගල්‍යය

මෙත්මුනි මහා පුණ්‍ය මංගල්‍යය

මෙත්මුනි මහා පුණ්‍ය මංගල්‍යය මහනුවර ශ්‍රී නාථ දේවාලයේ දී හා වරකාපොළ මෙත්මුනි විහාරයේ දී විසිවන වරටත් තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවැත්වේ. මෛත්‍රී බෝධිසත්ත්ව ආසිරි රිය පෙරහර ජනවාරි 30 වනදා පෙරවරු 6.30 ට මෙත්මුනි විහාරයෙන් ආරම්භ වී , කුරුණෑගල හරහා මහනුවර ශ්‍රී නාථ දේවාලයට පස්වරු 5.30 ට පැමිණීමට නියමිත ය.

ශ්‍රී නාථ දේවාලයේ දී පස්වරු 7.00 ට අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික ගොමගොඩ රතනසාර නා හිමියන්ගේ හා ශ්‍රී නාථ දේවාල බස්නායක නිලමේ නීතිඥ ගයාන් හීන්කෙන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ආශිර්වාද පූජා පැවැත්වේ.

 31 පෙරවරු 6.30 ට මෙත් බෝසත් රිය පෙරහර ශ්‍රී නාථ දේවාලයේ සිට කොළඹ නුවර පාරේ ගමන් කොට පස්වරු 3.00 ට මෙත්මුනි විහාරයට සැපත් වේ. මෛත්‍රී බෝධිසත්ව අභිෂේක පූජෝත්සවය සහ අමරපුර පාර්ශ්වයේ අධිකරණ සංඝනායක පදවි ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත පාර්ශ්වයේ මහානායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද මහා නාහිමියන්ගේ හා අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍ර ජයතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 31 වනදා පස්වරු 3.00 මෙත්මුනි විහාරයේ දී පැවැත්වේ. නින්දානේ චන්දවිමල අභිනව නාහිමියන් වෙත එහිදී ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමේ.