Print this Article


ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ දහම් පාසල් වැඩසටහන 27 වෙනිදා

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ දහම් පාසල් වැඩසටහන 27 වෙනිදා

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ දහම් පාසල් වැඩසටහන 27 වෙනිදා කුලියාපිටිය, දියකළමුල්ල ශ්‍රීපති පිරිවෙන් මහා විහාරයේ දී පැවැත්වේ. ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව සමස්ත දරු පරපුර මත්ද්‍රව්‍ය වසංගතයට ගොදුරු වීම වළක්වා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් 2019 ජනවාරි 21 දින සිට 28 දින දක්වා ප්‍රකාශයට පත්කර ඇති අතර, ඊට අදාළ දහම් පාසල් මූලික කරගනිමින් සිදු කරනු ලබන “ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ දහම් පාසල් වැඩසටහන” කුලියාපිටිය , දියකළමුල්ල , ශ්‍රීපති පිරිවෙන් මහා විහාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

27 වෙනිදා පෙරවරු 8.00 ට පැවැත්වෙන එම වැඩසටහන සඳහා දහම් පාසල් ළමුන් 1000 ක් හා ගිහි පැවිදි 500 දෙනෙක් සහභාගි වීමට නියමිතය. බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුලු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරින් බොහෝ පිරිසක් සහභාගි වීමට නියමිතය.