Print this Article


පහන් සිතක කවි

පහන් සිතක කවි

 

පළමුව බුදුන් වැඩි දා

නෙක පැහැ මල් පිපී ඇත තුරු වදුළු ඉහේ
බුදු නෙත රැඳිනි මගෙ පින් බිම වෙතට මෙහේ
ලක්දිව යක්ෂ මිසදිටු දමනයට රැහේ
බුදු හිමි වැඩි සේක පෝ දින දුරුතු මහේ


නමදිමු

බුදුන් දෙසූ බණ
අප මනසට ගෙන
නමා සිරස දණ
නමදිමු සඟ ගණ


දුරුතු පොහෝ අසිරිය

ලද අත කේශ ධාතූන් බුදු හිමි පිදුව
හද තුටු දෙවිඳු මියු ගුණ සෑයන් සැදුව
තෙද බල පැරැණි සිරිලක චේතිය රදුව
දුරුතු පොහොය සමරයි බැතියෙන් බොදුව