Print this Article


වසර 118 ක් පැරැණි ගාල්ල පිලානේ ශ්‍රී මහා විහාර දුරුතු මහා පෙරහර

වසර 118 ක් පැරැණි ගාල්ල පිලානේ ශ්‍රී මහා විහාර දුරුතු මහා පෙරහර

ගාල්ල පිලානේ ශ්‍රී මහා විහාර දුරුතු පෙරහර 118 වන වරට මෙම දුරුතු පුර පසළොස්වක පෝදා පැවැත්වේ. 1902 ආරම්භ කළ මෙම දුරුතු පූජා මහෝත්සවයේ දී අනුශාසකත්වය වැල්ලම්පිටියේ ශ්‍රී සීලානන්ද මාහිමියන් හෙබවූ අතර උන්වහන්සේගේ අපවත්වී මෙන් අනතුරුව 1932 සිට 1974 දක්වා වසර 42 ක් මෙහි අනුශාසකත්වය දැරුවේ එවකට විහාරාධිපතිව වැඩ විසූ මීපේ පේමරතන මා හිමියන් වහන්සේ ය. 1974 උන්වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව 1975 -1980 දක්වා මෙහි අනුශාසකත්වය දැරුවේ ශාස්ත්‍රපති බටදූවේ සුමේධ හිමිපාණන් වහන්සේ ය.

උන්වහන්සේ ගේ අපවත් වීමෙන් අනතුරුව කරපාගල ඉන්ද්‍රසිරි හිමියන් කෙටි කාලයක් මෙම පෙරහර මංගල්‍යයේ අනුශාසකත්වය දරා ඇත. 1983 අර්බුධකාරි තත්වයක් ඇතිවීමෙන් පසු විහාරාධිපතිත්වයට පත් වූයේ හරුමල්ගොඩ බටහිර ඛෙත්තාරාම විහාරාධිපතිව වැඩ සිටි මීපේ ජිනරතන මහා ස්වාමිපාදයාණන් වහන්සේ ය. උන්වහන්සේ වයෝවෘද්ධ තත්වයේ සිටි බැවින් ශිෂ්‍යයන් වහන්සේ නමක් වන ශාස්ත්‍රපති හප්පාවන රේවත හිමිපාණන් වහන්සේ දුරුතු උත්සවයේ මහත් කාර්යභාරයක් ඉටු කළහ. 1991 දී මීපේ ජිනරතන මා හිමියන් අපවත් වීමෙන් ඉක්බිතිව වර්තමාන විහාරාධිපති මීපේ වජිර ස්වාමිපාදයාණන් වහන්සේ රෝගි තත්වයෙන් පසු වුවත් අනුශාසකත්වය දරමින් උන්වහන්සේගේ ශිෂ්‍ය හබරාදුවේ විද්‍යාරත්න පිරිවෙන් ආචාර්ය දෙද්දුවාවෙළ රතන හිමියන් වෙත පවරා ඇත.

මෙහිදී හප්පාවන රේවත හිමියන්ගේද අනුශාසකත්වය මැනවින් ලබාගෙන උන්වහන්සේ සත්‍යාලංකාර කල්‍යාණෝදය සමිතිය දිරිමත් කරමින් 118 වැනි වාරයේ දුරුතු මහා පූජෝත්සවය ඉතා මැනවින් පැවැත්වීමට ක්‍රියා කරමින් සිටී.

ශ්‍රී සත්‍යලංකාර කල්‍යාණෝදය සමිතිය,සභාපති – පී.වී. චතුරංග විතානගේ, ලේකම් – සුරංග හරේෂ් අබේපාල,භාණ්ඩාගාරික – සාම විනිසුරු සුගතපාල විතානගේ