Print this Article


රද්දොළුවේ අමරවංස අනු නා හිමි ගුණසමරු පින්කම 29 සහ 30

රද්දොළුවේ අමරවංස අනු නා හිමි ගුණසමරු පින්කම 29 සහ 30

අමරපුර මහානිකායේ අමරපුර පාර්ශ්වයේ සම්මාන අනුනායක ශ්‍රී සුමංගල කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික රද්දොළුව ශ්‍රී සුබෝධාරාම මහා විහාරය සහ රද්දොළුව ශ්‍රී අභිනවාරාම මහා විහාරය යන උභය මහා විහාරාධිපතිව වැඩවිසූ රද්දොළුවේ අමරවංස අනුනාහිමිපාණන් වහන්සේ අපවත්වී වසර දෙකක් සපිරීම නිමිත්තෙන් විශේෂ ගුණසමරු පින්කම් මාලාවක් ජනවාරි මස 29 සහ 30 යන දිනයන්හි රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ දී විහාරාධිපති විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති කටාන – මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය ප්‍රධාන ලේඛකාධිකාරි ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත සීදුවේ සුමනවංස නාහිමියන්ගේ උපදෙස් පරිදි පැවැත්වේ.

29 වෙනි දින පස්වරු 6.00 ට විශේෂ ආශිර්වාද පහන් පූජා, අටවිසි බුදධ පූජා, බෝධි පූජා පින්කම් මාලාව පැවැත්වෙන අතර එදින රාත්‍රී 7.00 ට විශේෂ ගුණසමරු ධර්ම දේශනාව බොරැල්ලේ අතුල අනුනාහිමියන් විසින් පවත්වති. 30 වෙනිදා පෙරවරු 10.45 ට සපිරිකර සඟසතු මහා දානමය පින්කම ශතාධික මහ සඟරුවන විෂයෙහි පැවැත්වේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහිමි, සියම් මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක රාජකීය පණ්ඩිත ආචාර්ය වරකාගොඩ ඤාණරතනාභිධාන මහනාහිමි, සියම් මහානිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත ආචාර්ය දිඹූල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක ශාස්ත්‍රපති මාතලේ ධම්මකුසල අනුනාහිමි. අමරපුර මහා සංඝ සභාවේ සභාපති ගන්තුනේ අස්සජි මහා නා හිමි ප්‍රධාන තෛ‍්‍රනිකායික අතිපූජනීය මහා සංඝරත්නය එම පින්කමට වැඩම කිරීමට නියමිත ය.