Print this Article


උපකරණ බෙදාදීම 19 වනදා

උපකරණ බෙදාදීම 19 වනදා

ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය මගින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ පන්සල් සහ සදහම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උපකරණ බෙදාදීම සහ මූල්‍ය පරිත්‍යාග ‘4 වන අදියර’ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහනායක හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති රාජකීය පණ්ඩිත ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 19 වෙනි දා පෙරවරු 09.30 ට කොළඹ 07 හෝටන් පෙදෙස අංක 24 ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ ජාත්‍යන්තර සම්බන්ධතා ආයතනයේදී පැවැත්වෙන බව එම සංගමයේ ලේකම් සෙන්පති සුදත් මඩුගල්ල මහතා පැවසී ය.