Print this Article


පිහිට පතයි

පිහිට පතයි

බෙලිඅත්ත, මිරිස්වත්ත, ‘පුනර්ජි’ හි පදිංචි පී.එල්.එස්. චින්තක (43) යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක් බව කියයි. ඔහු දැනට දරුණු වකුගඩු රෝගයෙන් පීඩා විඳින බවත්, ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් කියයි. එහෙයින් වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් 0776562732 දුරකතනයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

****

ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් වයස අවුරුදු 55 අයකුට ඉතා ඉක්මනින් අවශ්‍ය බව කියයි. පරිත්‍යාග කළ හැකි අයෙක් වෙතොත් 0779938690 දුරකතන අංකයට දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ. ඒ සඳහා වෙන්නප්පුව කොමර්ෂල් බැංකුවේ 8260015999,ගිණුම් අංකය වෙත ආධාර කළ හැකි බව ද කියයි.

****

මත්තේගොඩ කුඩාමාදුව සෙත්සිරි පෙදෙස 204 සී ,28 ඒ හි පදිංචි පී.ජී.ජයසේන නමැති අයගේ වකුගඩු දෙකම නරක් වීම නිසා දැනට රෝගී තත්ත්වයෙන් කොළඹ මාලිගාවත්ත රෝහලෙන් ප්‍රතිකාර ලබන බව කියයි. වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත ඔහුට ඉක්මණින් “බී නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කියයි. 0715103305,0776217863 දුරකතන මගින් වැඩි විස්තර දැනගත හැකිබව ද කියයි.

****

මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින වකුගඩු රෝගියෙකු සඳහා “ඕ” පොසිටිව් හෝ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පුද්ගලයෙකු වේ නම් වැඩි විස්තර 0714409533/0717284048 දුරකතන අංක වෙතින් දැන ගත හැකි බව කියයි.

****

ගාල්ලේ හපුගල පදිංචි රත්නා ගුරුසිංහ නමැත්තිය නව දෙනෙකුගෙන් යුත් පවුලක අට වෙනියා බවත්, ඇයගේ මව්පියන් ජීවතුන් අතර නැති බවත් කියයි. ඇයට අවුරුදු 20 ක් පමණ වන විට ඇස් පෙනීම අඩු වූ අතර වම් ඇස තෙවරක් බද්ධ කළ මුත් සාර්ථක නොවූ බව ද කියයි. අවුරුදු 20 ක පමණ කාලයක් සියලු වැඩ කටයුතු කර ගත්තේ දකුණු ඇසෙහි උපකාරයෙන් බැවින් එය ද පෙනීම දුර්වලවී ඇති බව කියයි. දැනට ඇයගේ වැඩිමසහල් සොයුරු සොයුරියන් තිදෙනෙක් ජීවතුන් අතර නැති බවද, ඇය ගාල්ලේ සංඝමිත්තා විද්‍යාලයේ උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබූ බවද කියයි. දැනට ඇය ජීවත්ව සිටින්නේ කළුතර ප්‍රදේශයේ සොහොයුරියක් ළග බවද කියයි.

ඇයට ජීවත්ව සිටීමට නිවාසයක් නොමැති හෙයින් පින් කැමැති අය වේ නම් ප්‍රතිකාර කර ගැනීමට මුදලින් ආධාර කරන මෙන් ඉල්ලීමක් කෙරේ.

ගිණුම් අංකය ජාතික ඉතිරි කිරීමේ බැංකුව
තැපැල් අංකය 511-30-120409-2
දුරකතන අංකය 0766818524 වේ.

****

වකුගඩු රෝගයෙන් අසාධ්‍යව සිටින රෝගියෙකු සඳහා “ඒ නෙගටිව්” හෝ “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් (වයස 24 – 60ත් අතර) ඉතා ඉක්මනින් අවශ්‍යව ඇති බව කියයි. එසේ පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියෙකු වෙතොත් 077 5444961, 077 0605001, 077 3099076, 077 6073388 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

මාතලේ මහනගර සභාවේ ජ්‍යෙෂ්ඨ වැඩමිබ් පරිපාලක, දොන් අනුර ජගත් ගුණරත්න මහතාගේ (54) වකුගඩු දෙකම අක්‍රිය වී ඇති හෙයින් ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව කියයි. පාසල් දරුවන් දෙදෙනකුගේ පියකු වන ඔහු අයිසියලාවත්ත ග්‍රාම සංවර්ධන සමිතිය, ධර්ම විසුද්ධාරාම දායක සභාව හා මරණාධාර සමිතියේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. ඔහුට “බී පොසිටිව්” රුධිර කාණ්ඩයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයකු වෙත්නම් අංක 9/2 අයිසියලාවත්ත පාර, කූඹියන්ගොඩ, මාතලේ ලිපිනයට හෝ දුරකතන අංක 070 440 2101 වෙත දන්වන ලෙස ඉල්ලීමක් කරයි.